Wednesday, 16 March 2022


නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයා ප්රධාන පොලිස් පරීක්ෂක ලක්ෂමන්ද සිල්වා මහතා පාසල් සිසුවකුට බත් කවන ඡායාරූපයක් සමාජ මධ්යවල හුවමාරු වෙයි.

නවගමුවේ පාසලක් අසල සුපුරුදු රථවාහන රාජකාරියේ නිරත වෙමින් සිටියදී පාසල් බස් රථයකින් බසිමින් සිටි සිසුවකු එකවරම ක්ලාන්තය හේතුවෙන් බිම ඇද වැටි ඇත.
එම ස්ථානයට පැමිණ ස්ථානාධිපතිවරයා සිසුවා වහාම ජිප් රථයේ නංවාගෙන ගුරුවරයකු සමග නවගමුව රෝහල වෙත රැගෙන යන අතර සිසුවා උදේට ආහාර ගෙන නොමැති බවට හෙළි වීමෙන් පසු ස්ථානාධිපතිවරයා අසල හෝටලයක් වෙත රැගෙන ගොස් ආහාර ලබාදීමට කටයුතු කර ඇත.
බිම ඇද වැටීමෙන් සිසුවාගෙන් දකුණ අතේ ගැගිල්ලක් තැලී තිබීම හේතුවෙන් ඔහුට අතින් ආහාර ගැනීමට නොහැකි වී ඇති අතර, එය දුටු ඇති ස්ථානාධිපතිවරයා සිසුවාට බත් කැවීමට කටයුතු කළේය.
බත් කැවීමෙන් පසු සිසුවා ජිප් රථයෙන්ම ගුරුවරයා සමග රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර සිසුවාගෙන් මාපියන්ට සිද්ධිය දන්වා ඔවුන්ය කැඳවා ඇත.

ඉන්දිකා රාමනායක

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...