ඉන්දීය සංචාරය නිමකළ ශ්රී ලංකා කණ්ඩායම අද (17) අලුයම දිවයිනට පැමිණියේය.
එම ටෙස්ට් තරගාවලියට තරග 2ට 0ක් ලෙස ශ්රී ලංකා කණ්ඩායම පරාජය ට පත්වුණි.
එම අවස්ථාවේදී ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයට පැමිණි පුද්ගලයෙකු විසින් ශ්රී ලංකා කණ්ඩායම පරාජය ලැබීම සම්බන්ධයෙන් අවලාද නැගූ බව වාර්තා විය.
ඒ පිළිබඳව අදහස් දැක්වූ ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක සුරංග ලක්මාල්,
"එක පුද්ගලයෙක් ප්රශ්නයක් ඇහුවා. ඒ පුද්ගලයා මගේ මුහුණට කිව්වා. මම ප්රශ්නයට උත්තර දුන්නා. මම හිතන්නේ ඕවා සාමාන්ය දේවල්. තරගය පරදිනකොට එක විදිහක්. දිනන කොට එක විදිහක්. ක්රීඩකයෝ විදිහට අපි ඒක තේරුම් ගන්න ඕනේ. එක එක පුද්ගලයෝ එක එක විදිහයි. අප්රසාදය පළ කරනවා. ප්රසාදය පළ කරනවා. ඒ හැම දෙයක්ම ක්රිඩකයෝ විදිහට විඳගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ පුද්ගලයාට මම ඒ දේ තේරුම් කළා. එතනින් එහාට කිසිම තරහක් නැහැ. මම හිතන්නේ හැමෝම බලාපොරොත්තුවන්නේ තරගාවලි දිනන්න. ජය පරාජ දෙකම අපිට විඳගන්න පුළුවන් වෙන්න ඕනේ. ප්රේක්ෂකයන්ගෙන් මම එකම දෙයයි ඉල්ලන්නේ. මින් අනතුරුව රටට ක්රිඩා කරන්නේ නැහැ. හොඳ ප්රේක්ෂකයෝ පිරිසක් අපිට ඉන්නවා. මම හිතන්නේ ඒ අය ක්රිඩකයින්ට උදව් කරයි කියලා මම විශ්වාස කරනවා."
මේ අතර නායකයෙකු ලෙස තමන්ට හැකි උපරිමයෙන්ම කටයුතු කළ බවත් ක්රිකට් තේරීම් කමිටුවට එය ප්රමාණවත් නොවන්නේ නම් නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ අයිතියක් ඔවුන් සතුව ඇති බවත් ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.
ඉන්දීය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ ශ්රී ලංකා ටෙස්ට් ක්රිකය් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න,
"අපි තරගයක් හෝ ජය ගැනීමට බලාපොරොත්තුවෙන් තමයි ගියේ නමුත් අපි ඒ දේ කරගන්න බැරි වුණා. බැටින් පැත්තෙන් බැලුවත්, බෝලින් පැත්තෙන් බැලුවත් සෑහෙන දුර්වලතා තිබුණා. ඉන්දියාව කියන්නේ ප්රබල කණ්ඩායමක්. පසුගිය කාලවල්වල වුණත් ප්රබල ක්රිඩකයෝ ඉද්දිත් අපි තරගයක් ජයගෙන නැහැ. අපි ඒවා ගැන හිතේ තියාගන්නේ නැතිව බැලුවේ කොහොමහරි තරගයක් ජයගන්න. නමුත් අපේ පැත්තට වාසියක් තිබුණේ නැහැ. ගොඩක් වෙලාවට කාසියේ වාසියත් අපි පරාජයට පත් වුණා. කණ්ඩායමක් ලෙස බැලුවොත් දක්ෂතා අතර සෑහෙන හොඳ මට්ටමකට එන්න බැරිවුණා. කණ්ඩායමේ සංයුතිය ගොඩක්වෙලාවට වෙනස් වෙයි මම හිතන්නේ. ක්රීඩකයෝ ගොඩක් ආබාධවලට ලක්වෙලා තියෙනවා. ඉත් ඒවාත් එකක් බලද්දි ඉදිරි තරගාවලියේදී සංයුතිය වෙනස් වෙයි."
ප්රශ්නය - ඔබගේ නායකත්වයත් වෙනස් වෙයිද ?
"ඒක මම දැන්නේ නැහැ. ඒක කියන්නේ ක්රිකට් තේරීම් කමිටුව. ඒ අයට ඕනේනම් මාරු කරන්න කිසි ප්රශ්නයක් නැහැ ඒක. මට කරන්න පුළුවන් උපරිමය මම කළා. මේ ක්රිකට් තේරිම් කමිටුවට මදිනම් මම හිතනවා ඒක කිසි ප්රශ්නයක් නැහැ. කාට හරි දෙන්න ඕනේ කියලා හිතනවානම් ඒ ප්රශ්නයක් නැහැ."
No comments:
Post a Comment