Saturday, 19 March 2022


ගැසට් නිවේදනය 18 රාත්රීයේ නිකුත් කර ඇත !

අක්ෂි කාච, ස්ටෙන්ට්, ඔක්සිමීටර් සහ ග්ලුකෝ මීටර් මිල ගණන් 18 වැනිදා රාත්රියේ සිට වැඩි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සෞඛ්ය අමාත්යාංශය තීරණය කර ඇත.
මිල පාලනයකට ලක් කර ඇති මෙම වෛද්ය උපකරණවල මිල ගණන් 29%කින් වැඩි කිරීමේ වාර්තාව ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් අමාත්යාංශයට ලබාදී තිබේ.
ඒ අනුව හෘද රෝග ශල්යකර්ම සඳහා භාවිත කරන ස්ටෙන්ට් එකක මිල රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න වන බව ද අනාවරණය වේ.
කෙසේ වෙතත් අක්ෂි කාච වර්ග 38ක මිල නියාමනය කර ඇති අතර ඒවායේ මිල ගණන්ද විවිධ ප්රමාණවලින් වැඩි වෙයි. ඖෂධ වර්ග හැටක මිල ගණන්ද 29%කින් ඉහළ දමමින් සෞඛ්ය අමාත්යාංශය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.


උදයජීව ඒකනායක

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...