Saturday, 19 March 2022


රුසියානු - යුක්රේන සංවාදයට සියලු පාර්ශව සහය දැක්විය යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට ප්රකාශ කර තිබේ.

කෙසේවෙතත් ජෝ බයිඩන් ඒ සඳහා එකඟතාව පළ නොකළ බව සඳහන් වේ.
දෙරට නායකයින් අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සංවාදයකදී චීන ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළේය.
එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් පළමු රථ පෙළ ද යුක්රේනයේ සුමී නගරයට පැමිණ ඇති බව වාර්තා වේ.
එමෙන්ම ඊයේ (18) දිනයේ මානුෂික කොරිඩෝව හරහා පුද්ගලයින් 9,100 වැඩි පිරිසක් යුක්රේන නගරවලින් ඉවත් වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළේය.
ඉවත්ව ගිව බහුතරයක් මරියුපෝන් නගරයේ පදිංචිව සිටි වැසියන් බව සඳහන් විය.
රුසියානු - යුක්රේන ආක්රමණය හේතුවෙන් පුද්ගලයින් මිලියන 6.5ක පමණ පිරිසක් යුක්රේනය තුළ අවතැන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...