Tuesday, 22 March 2022


මහනුවර රන්දෙණිගල රජ මාවතේ ගුරුදෙණිය ප්රදේශයේදී අද (22) මහනුවර මහ රෝහලේ වෛද්යවරයෙකු පැදවූ කාර් රථයක් යතුරුපැදියක හා ත්රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ මාරක අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇති අතර යතුරු පැදියේ පසුපස ගමන්ගත් කාන්තාවක හා ත්රි රෝද රථයේ ගමන්ගත් මව පියා හා මාස හතරක් වයසැති බිළිදුන් දෙදෙනෙකු තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇති බව තලාතුඔය පොලිසිය කියයි.

අනතුරින් තුවාල ලැබූ බිළිදුන් දෙදෙනා මාස හතරක් වයසැති නිවුන් සහෝදරයින් දෙදෙනෙකු වේ. මොවුන් වත්තගෙම සිට හගුරන්කෙත ප්රදේශයේ තම බිරියගේ නිවසට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ කොළඹිස්ස නවනැලිය ප්රදේශයේ පදිංචි ප්රසාද් මධුෂංක ගුණසිංහ (20) නැමැති ඇගලුම් සේවකයෙකි. ඔහු සමග පසුපස ගමන් ගත් කාන්තාව ද ඇගලුම් කම්හලක සේවයේ නියුතු අය බව පොලිසිය කියයි.
මිය ගිය අයගේ මෘත ශරීරය මහනුවර මහරෝහලේ මෘත ශරීරාගාරයේ ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (23) දින සිදුකිරීමට නියමිතය.
කාර් රථය පැදවූ වෛද්යවරයා මහනුවර මයිලපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුද තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය කියයි.
තලාතුඔය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කෝකිල ආරියදාස මහතාගේ උපදෙස් මත තලාතුඔය පොලීසියේ නිලධාරිහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.


 ඩබ්ලිව්.ඒ. අසේල

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...