Thursday, 10 March 2022


 * රුසියාවට යටත් වන්නේ නැහැ යුක්රේන ජනපති පවසයි

* එළිසබත් රැජිනගේ භටයකු ඇතුළු බිතාන්ය සෙබළු 4ක් යුක්රේනයේ දී අතුරුදන්
* රුසියාවේ වැසිලි බයිකෝව් යුද්ධ නැව විනාශ වේ
යුක්රේන ආකරමණය සඳහා බෙලාරුස් හමුදාව සහභාගි කරගැනීමට රුසියානු ජනපති පුටින් උත්සාහ කිරීම ගැන විරෝධය දක්වමින් බෙලාරුස් හමුදාවේ මාණ්ඩලික පරධානියා වූ වික්ටර් ගුලිවිච් සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත. ඔහු බෙලාරුස් ආරක්ෂක ඇමැති වෙත ලිපියක් යවමින් යුක්රේන මෙහෙයුමට සම්බන්ධවීම සඳහා බෙලාරුස් රාජ්යයට හිමිකමක් නැතැයි පවසා තිබේ. බෙලාරුස් හමුදාවට අලූතින් බඳවාගත් භටයන් රැසක්ද යුක්රේන ආකරමණයට සහභාගී වීම වෙනුවට පැන ගොස් ඇත.
බෙලාරුස් විරුද්ධ පක්ෂ නායිකා ස්වෙට්ලානාගේ පරකාශක පරාන්ක් විනෝලවිඞ් මේ තොරතුරු හෙළි කර තිබේ. මේ අතර යුක්රේනයේ සුමි නගරයට එල්ල වූ ෂෙල්වෙඩි පරහාරවලින් සිවිල් වැසියන් 24ක් මරුමුවට පත් වී ඇත.
මේ පිළිබඳව යුක්රේන ජනපති සෙලෙන්ස්කි පැවසූවේ බටහිර රටවල් යුක්රේනයට දුන් පොරොන්දු ඉටු කර නැති බවයි. මේ පසුබිම මැද යුරෝපයට සපයන ගෑස් නතර කරන බවට රුසියානු ජනපති පුටින් තර්ජනය කර ඇත.
පසුගිය පෙබරවාරි 24 දා සිට ආරම්භ ඇති යුක්රේන යුද්ධය නිසා මිලියන 5කට අධික ජනතාවක් අනාථ බව යුරෝපා සංගමය කියා සිටියි.
රුසියාවේ යුක්රේන ආකරමණයට එරෙහිව පුටින් පාලනය 5000කට අධික ජන සමූහයක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර රුසියාවේ වැසිලි බයිකෝව් යුද්ධ නැව යුක්රේනියානු රොකට් පරහාරවලින් විනාශ වී ඇත. මෙම නැව ඔඩෙස්සාහි ස්නේක් ¥පතට පරහාර එල්ල කිරීමට පැමිණි අවස්ථාවේ යුක්රේන පරහාරය එල්ල වී තිබේ. මේ පසුබිම මැද යුක්රේනය වෙනුවෙන් සටන් වැදීමට පැමිණි බිරතාන්ය හමුදා භටයන් සිව්දෙනෙක් අතුරුදන් වී ඇත. ඔවුන්ගෙන් එක් භටයෙක් එළිසබත්
රැුජිනගේ ආරක්ෂක බළකායේ භටයෙකි. මෙම සිව්දෙනා රුසියාව විසින් අල්ලාගෙන ඇතැයි සැක කෙරේ.
මොවුන් යුක්රේනයට පැමිණ ඇත්තේ ආරක්ෂක අමාත්යාංශයට හෝ පවුලේ අයට නොදන්වා බවද හෙළි වී ඇත. බිරතාන්ය යුද භටයන් හොර රහසේ යුක්රේනයට පැමිණීම නිසා බිරතාන්ය රජය ද බරපතළ අර්බුදයකට මුහුණ පා තිබේ. මේ අතර යුක්රේන ජනපති වොඩමීර් සෙලෙන්ස්කි යුක්රේනය කිසි දිනක රුසියාවට යටත් නොවන බව තරයේ පරකාශ කර ඇත. අපි ගොඩබිමේත් මුහුදේත් වනාන්තරයේදීත් සටන් කරන්නෙමු යැයි දෙවැනි ජගත් සංගරාමය සමයේ බිරතාන්ය අගමැති වින්ස්ස්ට් චර්චිල් කළ පරකාශය අනුකරණය කරමින් ඔහු පවසා තිබේ. මේ පරකාශය නිසා රුසියානු ජනපති ව්ලැඩමීර් පුටින් දැඩි කෝපයට පත් වී ඇත. එම තත්ත්වය මත ඔහු යුද්ධය කඩිනමින් අවසන් කිරීම සඳහා කුඩා නෘෂ්ටික අවි භාවිත කිරීමට ඉඩ ඇතැයි බටහිර බුද්ධි අංශ අනතුරු අගවා තිබේ. පසුගිය පෙබරවාරි 24 දා සිට දියත් වූ යුක්රේන ආකරමණයේ දී රුසියාවට සිදු වී ඇති පාඩුව මෙසේයි. විනාශ වූ භටයන් සංඛ්යාව 12000 පරහාරක යානා 48යි, හෙලිකොප්ටර් 80, යුද්ධ ටැංකි 303 සන්නද්ධ රට 120 වෙනත් යුද රට 477 ඉන්ධන වාහන 61 ඩ්රෝන් යානා 7 යුද ටැංකි නාශක අවි 87 යි.
රුසියානු හමුදාව යුක්රේනයේ ජංගම දුරකථන කුලූනු විනාශ කර ඔවුන්ගේ ජංගම දුරකථනවලින් පණිවුඩ හුවාමරු කර ගැනීම නිසා එම තොරතුරු අසුකර ගැනීමට යුක්රේන බලධාරීන්ට හැකි වී ඇතැයි අලූත්ම වාර්තාවක දැක්වේ. මේ අතර ස්විඩන් රජය නේටෝ සංවිධානයට බැඳීම පරතික්ෂේප කර ඇත. මෙය නේටෝ සංවිධානයට එල්ල වූ බරපතළ පහරකි.
මේ තත්ත්වය මැද පෝලන්තය විසින් යුක්රේනයට මිග් 29 පරහාරක යානා ලබාදීම නිසා යුද ගිනි වර්ධනය වී ඇත. රුසියානු හමුදාවට එරෙහිව සහායවන ඕනෑම රටක් සතුරන් ලෙස සලකන බව රුසියානු ජනපතිවරයා කියා සිටියේය. මේ අතර යුක්රේන ආකරමණය සිදු වී අදට (10) දින 15 කි. එහෙත් යුක්රේනය මුළුමනින්ම අල්ලා ගැනීමට බලගතු රුසියානු හමුදාවට නොහැකි වී ඇත.
යුරෝපා රටවල් රැුසක් ජනපති පුටින්ට සහය වන කෝටිපති ව්යාපාරකයන්ගේ රුවල් නැව් පහක් අත්අඩංගුවට ගෙන ඇති අතර ස්විට්සර්ලන්තය ඔවුන්ගේ ඩොලර් බිලියන ගණනක ගිණුම් තහනමට ලක් කර තිබේ.
ඇමෙරිකාවේ සිට කරියාත්මක වෙබ් සහ ටුවිටර් අඩවි රැසක් ද රුසියාවේ සිට කරියාත්මක වීම තහනම් කර තිබේ. එහෙත් රුසියානු තෙල්වලට තහනමක් පැනවීමට ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් කරියා කර නැත.
රුසියානු විදේශ බුද්ධි සේවා පරධානී සර්ජි නරිෂිනින් පැවසූවේ යුක්රේන ජනපති සෙලෙන්ස්කි බුඩාපෙස්ට් ගිවිසුමෙන් ඉවත් වීමට තර්ජනය කර න්යෂ්ටික අවි නිපදවීමට සැලසුම් කර ඇති බවයි. මියුනිච් ආරක්ෂක සමුළුවේදී සෙලෙන්ස්කි බුඩාපෙස්ට් ගිවිසුමින් ඉවත්වීමට තර්ජනය කළා. ඇමෙරිකාව නිහඬ වුණා. කිසිදු පියවරක් ගත්තේ නැහැ. රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් යුක්රේනයට නෘෂ්ටික අවි නිපදවීමට ඉඩදිය නොහැකියි යැයි බුද්ධි පරධානියා තවදුරටත් පළ කළේය.


සංස්කරණය - කීර්ති වර්ණකුලසුරිය

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...