Thursday, 10 March 2022


ඇකැන්තේසියේ කුලයේ Acanthaceae ස්ට්රොබිලැන්තස් Strobilanthes ගණය යටතේ වර්ග කරනු ලබන Strobilanthes willisii විද්යාත්මක නාමයෙන් හඳුන්වන මෙම නෙලූ ශාක විශේෂය රිටිගල දැඩි ස්වභාව රක්ෂිතයෙන් පමණක් හමුවන ලංකාවට ආවේණික හා දුර්ලභ ශාක විශේෂයක් වන අතර වසර 28 කට පමණ පසු 2022 වර්ෂයේ මාර්තු මාසයේදී මල් පිපී ඇති බව වාර්තා කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවී අඩවි සහකාර ධනුශ්ක තෙලිකඩතුඩුව මහතා සමත් විය.

මෙම නෙලූ විශේෂය අතීතයේදී Strobilanthes stenodon ලෙස හඳුනාගෙන තිබුණි. 1887 වර්ශයේදී ”Trimen˜ විසින් මල් හට නොගත් නිදර්ශකයක් රැගෙනවිත් පේරාදෙණිය රාජකීය උද්යානයේ රෝපණය කරන ලද අතර 1893 වර්ශයේදී එම ශාකයේ මල් හටගෙන ඇත. එවකට පේරාදෙණිය රාජකීය උද්යානයේ 1896-1911 දක්වා අධ්යක්ෂ ධූරය දැරූ ”J.C. Willis˜ මහතා විසින් සිය අධ්යවන කටයුතු වලදී මෙම නෙලූ විශේෂයේ වෙනසක් නිරීක්ෂණය කර එය Strobilanthes stenodon විශේෂයේ එක් පරභේදයක් ලෙස පරථම වරට හඳුනාගෙන ඇත. වසර 2000 දී බිරතාන්ය ජාතික ””M.A. Carine˜ විසින් මෙම නෙලූ විශේෂය නව විශේෂයක් ලෙස නම් කළ අතර ”J.C. Willis˜” මහතාට කරන ගෞරවයක් ලෙස එම අලූත් නෙලූ විශේෂය Strobilanthes willisii යනුවෙන් නම් කරන ලදී.
* සංරක්ෂණ තත්ත්වය
Strobilanthes willisii ශාකය 2020 ජාතික රතු දත්ත ලැයිස්තුවට අනුව CR- Critically Endangered එනම් අතිශය අන්තරායට ලක්වූ ශාක විශේෂයක් ලෙස වර්ග කර ඇත.
x ව්යාප්තිය හා හඳුනාගැනීම
දැනට රිටිගල දැඩි ස්වභාව රක්ෂිතයෙන් පමණක් වාර්තා වන Strobilanthes willisii අසකකසිසස රිටිගල කඳු මුදුනේ ගල් පර්වත අතර ඝනව වැඩුණු පඳුරු වශයෙන් හමුවේ. නකල්ස් රක්ෂිතය ආශරිතව හමුවන Strobilanthes stenodon විශේෂයට ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පෙන්වයි. Strobilanthes willisii මීටර් 1.5ක් පමණ උසට වැඩෙන පඳුරකි. කඳෙහි ගැට අසලින් මහත් වී ඇති අතර කඳෙහි හොඳින් ඉස්මතු වූ දාර ඇත. ඉලිප්සාකාර පතර කෙටි වෘත්තයක් දරයි. පතර පාදය අසමමිතික වන අතර පතර අගරය මොටය. පතරවල යටි පැත්ත සුදු පැහැතිය. පුෂ්ප මංජරිය අගරස්ථ හෝ පාර්ශ්වික ශුකියකි. පුෂ්ප මංජරී අක්ෂය සිහින්ය. මල් නිර්වෘන්තය, අණ්ඩාකාර හැඩයක් ගනී. නිපතරිකා දෙක සිහින්ය, අගරස්ථය උල්ය. මල් සුදු හෝ රෝස පැහැයට හුරු සුදු පැහැයක් ගන්නා අතර මල් පෙතිවල දම් පැහැති රේඛා දැකගත හැකිය. මල් පෙති සිහින් වන අතර ලන්සාකාර හැඩයක් ගනී. බාහිරයට විහිදී ඇති රේණු දෙකකි. මුකුටය ඇතුල් පැත්තේ රෝම දක්නට ඇත. මුකුටය ඇතුල් පැත්තේ ඇති රෝම පොකුර මගින් බැඳ තබාගැනීම නිසා කීලයට ශක්තිමත් බවක් ලැබේ. කීලය වකරාකාරව බාහිරට විවෘතව ඇත. පරාග ඉලිප්සාකාරය. බීජ 4කි.
x මල් හට ගැනීම
දෙසැම්බර් – මාර්තු මාසවලදී සිදුවේ.
x නීතිමය ආරක්ෂාව
මෙම ශාකය දැඩි ස්වභාව රක්ෂිතයක් තුළ පවතින බැවින් දැඩි ස්වභාව රක්ෂිතයක් තුළ පවතින සියලූම ශාකවලට ඇති ආරක්ෂාව Strobilanthes willisii ශාකවලටද ලැබේ. එනම් දැඩි ස්වභාව රක්ෂිතයක් තුළ පවතින කිසිම පැලෑටියකට හානිවන කරියාවන් සම්පූර්ණයෙන්ම තහනම් වන අතර අවසර ඇත්තේ විද්යාත්මක පර්යේෂණයකට පමණක් වේ. ඒ සඳහා අධ්යක්ෂ ජනරාල්ගේ ලිඛිත අවසරයක් තිබිය යුතු වේ.
x ශාකය මුහුණ දෙන තර්ජන හා සංරක්ෂණ කරියාමාර්ග
කාලගුණික විපර්යාස මෙම ශාකයට මුහුණදීමට සිදුවන තර්ජනයක් වේ. ශාක ව්යාප්තිය පිළිබඳ ගවේශණ කටයුතු පුළුල් කිරීම සහ වාසස්ථාන සංරක්ෂණයට පියවර ගැනීම මගින් මෙම ශාකය හෙට දවස වෙනුවෙන් සුරක්ෂිත කර ගැනීම අප සැමගේ යුතුකම වන්නේය.

සටහන – ආර්. එම්. ආර්. නිලන්ති රාජපක්ෂ
ඡායාරූප – ධනුශ්ක තෙලිකඩතුඩුව

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...