Thursday, 10 March 2022


රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවකු වී මරණ ද`ඩුවම ලබාසිටි ඒ. ජී. පෙරාරිවාලන්ට ඇප ලබාදීමට ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මේ පුද්ගලයා පුරා වසර තිහක් (30ක්* සිරද`ඩුවම් විඳ ඇති බැවින් ඇප ලබාදෙන බව ඉන්දිය ශ්රේෂ්ඨාධිකරණය පරකාශ කර තිබේ.
මොහුට මරණ ද`ඩුවම නියමවී තිබුණත් 2014 දී එය ජීවිතාන්තය දක්වා සිරද`ඩුවමක් බවට පත්කර තිබේ.
කෙසේ නමුත් මේ චූදිතයාට ඇප ලබාදීම සම්බන්ධව නීතිපතිවරයා දැඩි විරෝධය පළකර ඇත.
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට පත්වන්නේ අවුරුදු 19 දීය.
පෙරාරිවාලන්ට මරණ ද`ඩුවම නියමවන්නේ 1999 මැයි මාසයේදීය.
රජිව් ගාන්ධි ඝාතනය වූ මරාගෙන මැරෙන බෝම්බ පටියට සවිකර තිබූ බැටරිය මිලදී ගෙන තිබුණේ මොහු විසිනි.
2018 වසරේදී පෙරාරිවාලන් ඇතුළු චූදිතයන් නිදහස් කරන ලෙස තමිල්නාඩු රජය විසින් ශ්රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.
ඉන්දිය අගමැති රජිව් ගාන්ධි ඝාතනය වූයේ 1991 මැයි 21 වැනිදාය.


චතුර පමුණුව

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...