රුපියල් කෝටියක් වටිනා ඇන්තූරියම් මල් පදුරු 400 ක් සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ව්යාපාරිකයන් දෙදෙනෙකු 07 සවස කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්ය ප්රකාශක , නියෝජ්ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්රකාශ කළේය .
ශ්රී ලංකාවේ වන ජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
තායිලන්තයේ බැංකොක් නුවර සිට 07 සවස 04.00 ට ශ්රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් මෙම මල් ව්යාපාරිකයන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ විශාලතම ගමන් මලු 04 ක මෙම ඇන්තූරියම් පදුරු 400 , අසුරා ගෙන තිබුණි .
කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් මෙසේ නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ ඇන්තූරියම් පදුරු තොගය සහ එම ව්යාපාරිකයන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා ශාක නීරෝධායන ආයතනයේ නිලධාරීන් වෙත භාර දී තිබේ
කටුනායක ටී.කේ.ජී.කපිල
No comments:
Post a Comment