Tuesday, 8 March 2022





ඔස්ට්රේලියානු සුපිරි ක්රිකට් ක්රීඩක ෂේන් වෝන් ඔහුගේ කාමරයේ මිය යාමට පැය කිහිපයකට පෙර ෂේන් වෝන් නවාතැන් ගෙන සිටි සුඛෝපභෝගී තායි නිවාඩු නිකේතනය තුල සම්භාහන කරන්නියන් සිව් දෙනෙකු රැඳී සිටි බවට ප්රාදේශීය පොලිසිය පවසනවා.

CCTV කැමරා දර්ශන වල අදාළ තරුණියන් සිව්දෙනා දක්නට ලැබෙන බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා.
මෙම තරුණියන් සිව් දෙනා අදාළ නිවාඩු නිකේතනයේ රැඳී සිටිනු දක්නට ලැබෙන්නේ ෂේන් වෝන් ඔහුගේ කාමරය තුළ මිය යාමට පැය දෙකකට පමණ පෙරයි. ඔවුන් සිකුරාදා පස්වරු 1.53ට පමණ නිවාඩු නිකේතනය ට පැමිණෙන අයුරු CCTV දර්ශන ඔස්සේ හඳුනාගෙන තිබෙනවා.
තායිලන්තයේ කොහ් සමුයි දුපතේ සමුජානා නිවාඩු නිකේතනයේ ෂේන් වෝන් සහ ඔහුගේ මිතුරන් තිදෙනෙකු නිවාඩුවක් සඳහා එය වෙන් කොට ගෙන සිටින අතර වාරයේ දී මෙම කාන්තාවන් සිව්දෙනා පැමිණ ඇති අතර ඉන් කාන්තාවන් දෙදෙනෙකු විසින් වෝන්ව සම්බාහනය කර තිබෙනවා.
පොලිස් ආරංචි මාර්ග පවසන ආකාරයට අනුවත් කාන්තාවන් දෙදෙනෙකු වෝන්ගේ කාමරයට පැමිණ ඇති බව තහවුරු වනවා.
පොලිසිය සඳහන් කරනු ලබන ආකාරයට සම්බාහන සේවිකාවන් සිව් දෙනාම පස්වරු 2.58ට පිටව යන ආකාරය CCTV කැමරාවේ සටහන්ව ඇති අතර අනෙකුත් කාන්තාවන් දෙදෙනා වෝන්ගේ මිතුරන් සමඟ කාලය ගත කොට තිබෙනවා.
ෂේන් වොන් ගේ මිතුරන් දෙදෙනා ඔහුගේ ප්රතිචාරයක් නොමැති නිසා පස්වරු 5.15 ට ඔහුගේ කාමරයට ගොස් සොයා බලන විට ඔහු මියගොස් සිටි බවට හඳුනාගෙන තිබේ.
එසේ හඳුනාගෙන තිබෙන්නේ කාන්තාවන් නිවාඩු නිකේතනයෙන් පිටව ගොස් පැය දෙකයි මිනිත්තු 17 කට පසුව බව ද අනාවරණය වී තිබෙනවා.
වෝන්ගේ කාමරයට පැමිණි සම්බාහන සේවිකාවන් දෙදෙනා ඔහු ජීවතුන් අතර සිටිය දී අවසාන වරට හමුවු පුද්ගලයින් බවට විශ්වාස කෙරේ.
ෂේන් වොන් නවාතැන්ගෙන සිටි ස්ථානයට පැමිණි අදාළ තරුණියන් සිව්දෙනා මෙතෙක් හඳුනාගෙන තිබේ ද යන්න පිලිබඳ පොලිසිය කරුණු දක්වා තිබුනේ නැහැ.
කෙසේ නමුත් ෂේන් වොන් දේහයේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඔහුගේ මරණය ස්වාභාවික මරණයක් බවට තහවුරු වී තිබෙනවා.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...