වෙළෙඳපොළ තුළ පවතින ගොඩනැගිලි ඉදිකිරීම් ද්රව්යවල මිල ගණන්වල ඉහළ යාමක් දක්නට ලැබෙන බව ඉදිකිරීම් ක්ෂේත්රයේ නියැලෙන්නන් පවසයි.
පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ පසුගිය දින කිහිපය තුළම සිමෙන්ති, වානේ ඇතුළු ඉදිකිරීම් ද්රව්යවල මිල ගණන් ඉහළ යාමේ තත්ත්වයක් දක්නට ලැබෙන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වාදෙයි.
මේ හේතුවෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්රය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අතර ඇතැම් ඉදිකිරීම් සඳහා
කොන්ත්රාත්කරුවන්ට අමතර මුදලක් ද රජයට ගෙවීමට සිදුව ඇති බව වාර්තා වේ.
ඉදිකිරීම් ක්ෂේත්රය මුහුණ දී ඇති මෙම අර්බුදය හමුවේ කම්කරුවන් විශාල පිරිසකට ද රැකියා අහිමි වීමේ තත්ත්වයක් උද්ගතව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.
මේ අතර රටේ පවතින අර්බුදකාරී වතාවරණය හේතුවෙන් සිමෙන්ති නිෂ්පාදනය ද බරපතළ ගැටළු රැසකට මුහුණ දී ඇති බව සංස්ථා සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ඒකනායක මහතා පවසයි.
වර්තමානයේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්රය මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ග්රාමීය නිවාස, ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්රව්ය කර්මාන්ත ප්රවර්ධන රාජ්ය අමාත්යාංශයෙන් සිදු කළ විමසීමකදී සඳහන් කළේ, ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා පවතින ගොඩනැගිලි ද්රව්යවල හිඟතාවයක් නොමැති නමුත් ඒවායේ මිල ගණන්වල වැඩිවීමක් දක්නට ලැබෙන බවය.
එම අමාත්යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේසිරිවර්ධන මහතා ඒ බව පැවසීය.
No comments:
Post a Comment