Tuesday, 29 March 2022


ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ වෛද්ය උපකරණ කිහිපයක් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉහළ දමමින් නව ගැසට් පත්රයක් සෞඛ්ය අමාත්යංශය විසින් නිකුත් කර තිබේ.

ඊයේ (28) දිනයේ සිට ක්රියාත්මක වන පරිදි අදාළ මිල සංශෝධනය සිදුකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අක්ෂි කාච, හෘද රෝගීන් සඳහා භාවිතා කරන ස්ටෙන්ට්, රුධිර ග්ලූකෝස් මාපක හා ඒ සඳහා භාවිතා කරන පරීක්ෂණ තීරු සහ රුධිර ස්පන්ධනය මැනීම සඳහා භාවිතා කරන පල්ස් ඔක්සිමීටරවල මිල සංශෝධනය කර තිබේ.
පසුගිය වසරේ අගෝස්තු මස 19 වන දින ගැසට් පත්රයක් මඟින් සිදුකළ මිල සංශෝධනයට පසුව ඊයේ දිනයේ සිට මෙම නව මිල සංශෝධනය සිදුකර ඇති බව සඳහන් වේ.
ඒ අනුව සියයට 29කට ආසන්න ප්රතිශතයකින් අදාළ වෛද්ය උපකරණවල මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
මේ අතර පවතින වෛද්ය උපකරණ සහ ඖෂධ හිගය හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සියලු ශල්යකර්ම තාවකාලිකව නතර කර තිබේ.
ඊයේ දිනයේ සිට ක්රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු රෝහලේ සියලු ශල්යකර්ම නතර කර ඇති බව රෝහල් අධ්යක්ෂ වෛද්ය අර්ජුන තිලකරන්ත මහතා ප්රකාශ කර ඇත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...