Tuesday, 29 March 2022


තමන් අග්රාමාත්ය ධුරයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රනිල් වික්රමසිංහ මහතාට නව අග්රාමාත්යවරයා ලෙස දිවුරුම් දීමට අවස්ථාව ලබාදෙන බවට සඳහන් කරමින් පළවන වාර්තා අසත්ය බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඩේලි මිරර් පුවත් සේවයට පවසා තිබේ.

තම ධූර කාලය අවසන් වන තුරු ශ්රී ලංකාවේ අග්රාමාත්යවරයා ලෙස දිගටම කටයුතු කරන බවත් ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයද ජයග්රහණය කිරීම තම පක්ෂය වන ශ්රී ලංකා පොදුජන පෙරමුණට හැකි බවට විශ්වාස කරන බවත් ඔහු පවසා තිබේ.
රටේ ප්රශ්න තිබුණත් ඒවා කඩිනමින් විසඳීමට රජය කටයුතු කරමින් සිටින බවත් රජය කෙරෙහි ජනතාව තුළ විශ්වාසය නැතිවී නැති බවත් ඔහු පැවසීය.
“මගේ ධුර කාලය අවසන් වන තුරු මම රටේ අග්රාමාත්යවරයා ලෙස කටයුතු කරන අතරරම ඉදිරි මැතිවරණ වලිනුත් අපි ජයග්රහණය කරනවා. මට තව ටික කාලයක් තියෙනවා. මම වහාම විශ්රාම යන්නේ නැහැ. ජාතික ආණ්‌ඩුවක්‌ ගැන කියන කතා ඔක්කොම බොරු” ඔහු පවසා තිබේ.
“මට රනිල් හෝ සජිත් සමග කරන්න දෙයක් නෑ. ඒ සියල්ල බොරු.” යැයි ඔහු පැවැසීය.
පවතින ආර්ථික, විදුලිබල, ඉන්ධන සහ ගෑස් ගැටලු කඩිනමින් විසඳන බවත් රජය එ සඳහා අවධානය යොමු කරන බවත් අග්රාමාත්යවරයා පවසා තිබේ.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...