වර්තමානයේ පවතින විදුලි අර්බුදයට වගකිවයුතු ආයතනවලට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, මාර්තු 31 හෝ අනිද්දා (අප්‍රේල් 1) දිනයේදී මේ සම්බන්ධයෙන් නෙතික ක්‍රියාමාර්ග ගන්නා බව ය.
මේ පිළිබඳව වැඩිදුරට ත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.
"මෙම තත්වයට විදුලි පාරිභෝගිකයින් පත් කිරීම ගැන ඊට වගකිව යුතු ආයතනවලට විරුද්ධව වෘහජන උපයෝගිතා කොමිසම් හෙට හෝ අනිද්දා දිනයේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. අපි හැම වෙලේ ම පාරිභෝගිකයාගේ පැත්තේ ඉන්නේ. ඒ පාරිභෝගිකයින්ට ඇති වෙලා තියෙන අපහසුතාව යම්තාක් දුරට අඩු කර ගැනීමට එයට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා ඒ අදාළ ආයතනවලට මුදල් සපයා දිය යුතු ආයතනවලට, විදුලිය නිපදනවන ආයතනවලට, අමාත්‍යාංශවලට, සියලු ම දෙනාට විරුද්ධව මහජන උපයෝගිතා කොමිසම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට වෙන්නේ නැහැ.
මාස ගාණක් අවුරුදු ගාණක් මේ තත්ත්වය පැහැදිලි කරනවා සියලු ම ආයතනවලට ඒ තත්වය ඉක්මනින් විසඳා ගැනීමට අවශ්‍ය සියලු ම කටයුතු කරන බවට මහ ජනතාවට දැනුම් දෙනවා."
අමරා ලියාගත්
No comments:
Post a Comment