Wednesday, 30 March 2022

 


ලිට්‍රෝ ගෑස් මිල ගණන් ඉහළ දැමීම සඳහා වන ඉල්ලිමක් මුදල් අමාත්‍යාංශය හරහා කැබිනට් මණ්ඩලය වෙත යොමු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙයාර ජයසිංහ මහතා පවසයි.

මාර්තු 30 දින පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, ඒ අනුව ගෑස් මිල විශාල අගයකින් ඉහළ යා හැකි බව ය.

ඔහු සඳහන් කළේ, රට තුළ පවතින ඩොලර් හිඟය මත ඇති වී තිබෙන ගැටලු සහ ආයතනය අලාභ ලැබීම හේතුවෙන් ගෑස් මිල ඉහළ දැමීමට සිදු වන බව ය.

ලිට්‍රෝ සමාගම මේ වන විට රු. බිලියන 4.5ක පමණ අලාභයක් ලබා ඇති බව ඔහු පැවසීය.

ඔහු සඳහන් කළේ, මෙරටට ගෙන ඒම සඳහා විදෙස් රටවල්වලින් ගෑස් නැව්ගත කරන අවස්ථාවලදී ම නෞකාවලින් රු. මිලියන 1500 - 1600 ත් අතර අලාභයක් සිදු වන බව ය.

කෙසේ නමුත් කැබිනට් මණ්ඩලය වෙත යොමු කර ඇති මෙම යෝජනාව සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ද ඔහු සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ දෛනික අවශ්‍යතාවට වඩා ගෑස් සිලින්ඩර් 30,000ක් පමණ මේ වන විට වෙළෙඳපොළට නිකුත් කර ඇති බව ය.

මේ අතර, පසුගිය දින 10ක කාලය තුළ මිලියනයකට ආසන්න සිලින්ඩර් තොගයක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව ඔහු පැවසිය.

ඔහු සඳහන් කළේ, අද දිනය තුළ සිලින්ඩර් 120,000ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව ය.

එමෙන් ම අප්‍රේල් මාසය වන විට ගෑස් මෙට්‍රික් ටොන් 30,000 ක් ඇණවුම් කිරිමට ණයවර ලිපි නිකුත් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ඒ අනුව, ඉදිරියේදි ආනයනය කිරීමට නියමිත ගෑස් අදාළ රටවල තානාපති කාර්යාල හරහා සෘජුව ම ඇණවුම් කිරිමට ද ඇතැම් ඇණවුම් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ද සිදු කිරීමට පියවර ගනිමින් සිටින බව ද ඔහු පැවසිය.


කාංචනා විජයබණ්ඩාර


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...