යුක්රේනයේ කියෙව් අගනුවර ප්රධාන රූපවාහිනී කුළුණට රුසියානු හමුදාව ප්රහාරයක් එල්ල කර තිබේ. ප්රහාරයෙන් 5 දෙනෙක් මියගිය බව වාර්තාවේ.
යුක්රේන - රුසියා යුද්ධයේ 6 වැනි දිනය අදයි. දෙරටේ නියෝජිතයන් අතර සාම සාකච්ජා පැවතිය ද තවමත් ගැටුම් අවසන් වී නොමැත. යුක්රේනයේ දෙවැනි ප්රධාන නගරය වන කාර්කිව්හි මධ්යම චතුරශ්රයට ද රුසියානු හමුදාව පහර දී තිබේ. එරට ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි පවසන්නේ, මධ්යම චතුරශ්රයට පහර දීමේ දී රුසියාව යුද අපරාධ සිදුකළ බවයි.
නිදහසේ චතුරශ්රයට අමතරව නගරයේ තවත් ඔපෙරා රඟහලක්,ප්රසංග ශාලාවක් හා රජයේ කාර්යාල කිහිපයකට ද ප්රහාර එල්ල වී ඇත. ඉන් අවම වශයෙන් දස දෙනෙකු මියගොස් 35කට අධික පිරිසක් බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.
No comments:
Post a Comment