Wednesday, 23 March 2022


 




දීර්ඝ කාලයක් තිස්සේ ජනතාවට විවෘත නොකර වසා දමා තිබූ ගාලු කොටුවේ පැරණි යුද අට්ටාල හෙවත් වෙඩි බෙහෙත් සහ පතොරම් ගබඩා  නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ප්‍රතිසංස්කරණය කර ජනතාවට නැරඹීම සඳහා විවෘත කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

අතීතයේ ශ්‍රී ලංකාව ආක්‍රමණය කරමින් යටත් විජිත රාජ්‍යයක් ලෙස පාලනය කළ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන් ශ්‍රී ලංකාව තුළ බලය තහවුරු කරගැනීම සඳහා ඉදිකළ ගාලු කොටුවේ පැරණි ප්‍රදීපාගාරය පාමුල මෙන් ම තවත් ස්ථාන කිහිපයක මෙම වෙඩි බෙහෙත් සහ පතොරම් ගබඩා යුධ සැලසුම් උපක්‍රමවලට අනුව පොළව මට්ටමේ ඉදිකළ විශාල ආරක්ෂිත බංකර තුළ ගොඩනගා තිබිණ.

ගොඩනඟා තිබූ මෙම අවි ආයුධ ගබඩා කළ බංකරවලින් පැරණිම බංකරය වූයේ වසර 433 ක් පැරණි ලන්දේසීන් විසින් නිර්මාණය කරන ලද බංකරයයි. දෙවැනි පැරණි බංකරය ලෙස වසර 362 ක් පැරණි පෘතුගීසින් විසින් නිර්මාණය කරන ලද බංකරය හැඳින්විය හැක. වසර 226 ක් පැරණි ඉංග්‍රීසින් විසින් නිර්මාණය කරන ලද බංකරය තෙවන පැරණි බංකරය වේ.

ආක්‍රමණික හමුදා විසින් එම බංකර 03 හඳුන්වනු ලබන්නේ ක්ලිපන්බර්ග් යුද අට්ටාලය, ඊලොස් යුද අට්ටාලය සහ තාරකා යුද අට්ටාලය යන නාමයන්ගෙනි.

පොදු මහජනතාවට විවෘත කරන ලද එම බංකර තුළ ප්‍රදර්ශනය කරනු ලැබුවේ පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි හමුදාවන්ට අයත් අවි ආයුධ සහ යුද උපකරණවල අනුරූ සමූහයයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...