Friday, 4 March 2022

 

නුගේගොඩ, විජේරාම හන්දිය ප්රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට වැටී තිබූ අන්සතු ඒ.ටී. එම් කාඩ් පතක් අහුලා ගෙන රුපියල් ලක්ෂ 07කට වඩා අධික වටිනා භාණ්ඩ මිලදී ගත් ත්රීරෝද රථ රියදුරකු මිලදීගෙන තිබූ භාණ්ඩද සමඟ 3දා අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසියේ අපරාධ අංශය පවසයි.
ඉකුත් පෙබරවාරි 27 වන දින උදෑසන විජේරාම ප්රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් මුදල් ලබා ගැනීමට පැමිණි ව්යාපාරිකයකු සතු මුදල් ලබාගැනීමේ කාඩ් පත ඔහු නොදැනුවත්ව ඔහුගේ මුදල් පසුම්බියෙන් වැටෙන ආකාරය දුටු සැකකාර ත්රීරෝද රථ රියදුරු එය අහුලා ගෙන අයිතිකරුට හෝ බැංකුවට භාර නොදී හොර රහසේ සන්තකයේ තබා තබාගෙන මෙම වංචාව සිදුකර ඇතැයි පොලිසිය කියයි.
හෝමාගම ප්රදේශයේ වෙළඳසැලකින් එදිනම රුපියල් 500/= භාණ්ඩ ලබාගෙන කාඩ් පතෙහි මුදල් ඇත්දැයි පරික්ෂා කර කාඩ් පතෙහි මුදල් ඇති බව දැනගත් පසු තම බිරිඳ හා දරුවන් සමග සාප්පු සවාරි මෙන්ම නිවසට අවශ්ය විදුලි උපකරණ රැසක් මෙම පුද්ගලයා විසින් මිලදී ගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.
හංවැල්ල, තුන්නාන. ප්රදේශයේ පදිංචි (62) වියේ පසුවන සැකකරු වෘත්තියෙන් ත්රිරෝද රථ රියැදුරකු වන බවත් අහුලාගත් ඒටීඑම් කාඩ් පතෙන් භාණ්ඩ ලබා ගැනීමේදී එකවර මෙවැනි විශාල මුදල් ප්රමාණයක් ලැබුණු ආකාරය පිළිබඳව බිරිඳ විමසූ විට සැකකරු පවසා ඇත්තේ පියා සතුව තිබූ ඉඩමක් විකුණා ඔහුට මුදල් ලබා දුන් බවත් මෙලෙස වියදම් කරන්නේ එම මුදල් බවත් බිරිඳට පැවසූ බව පොලීසිය විසින් සිදුකළ මූලික විමර්ශනවලදී බිරිඳ විසින් ප්රකාශ කළ බව පොලිසිය පැවසීය.
අහුලාගත් ඒටීඑම් කාඩ් පතෙන් දින දෙකක් තුළ අවස්ථා 14ක දී දිවයිනේ විවිධ ප්රදේශ වල පිහිටි විදුලි උපකරණ හා ඉලෙක්ට්රොනික උපාංග විකිනීමේ ආයතන හා රෙදිපිළි විකිනීමේ වෙළඳ සැල් තුළින් ඇඳුම් හා අධි ශීතකරණ යන්ත්රයක්, සාමාන්ය ශීතකරණයක්, රූපවාහිනී හා ගුවන්විදුලි යන්ත්,ර විදුලි පංකාවක්, ගෑස් උදුන් 02, රෙදි සේදීමේ යන්ත්රයක්, රයිස් කුකර් 01, බ්ලෙන්ඩර් 01, මයික්රෝවේ උදුනක් මිලදීගෙන නිවසේ තබා තිබියදී සොයා ගත් බවත් පොලිසිය පැවසීය.
ඒටීඑම් කාඩ් පතෙහි අයිතිකරුගේ නිවසේ පැවති දානමය පින්කම් කටයුත්තක් හේතුවෙන් ඔහුට මෙම කාඩ්පත අවශ්ය නොවූ හෙයින් සොයා බලා නැති බවත් දින දෙකකට පසු මුදල් ලබා ගැනීම සඳහා ඒටීඑම් කාඩ් පත සෙවීමේදී එය නොමැති බැවින් ඒ පිළිබඳව සොයා බලා බැංකුව දැනුවත් කිරිමේදී මූල්ය ආයතනයෙන් දන්වා ඇත්තේ ඒටීඑම් කාඩ් පත භාවිතා කරමින් නොයෙකුත් ගනුදෙනු සිදු කරමින් තිබෙන බවයි.
ඒ අනුව අයිතිකරු විසින් විසින් මිරිහාන පොලිස් ස්ථානයේ අපරාධ අංශයට කළ කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ පොලිස් නිලධාරීන් විසින් බැංකුව මගින් ලබාගත් විශ්ලේෂණ වාර්තාවක් අනුව සැකකරු විසින් භාණ්ඩ මිලදී ගත් ආයතන වෙත ගොස් සොයා බලා ලැබුණු තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය.
සැකකරු මාර්තු මස 02 දින ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස හත් වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අතිරේක මහේස්ත්රාත් බෝගහ දෙනිය මහත්මිය නියෝග ලබා දුන් බවද පොලිසිය පැවැසීය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...