Sunday, 20 March 2022


රට තුළ පවතින ඉන්ධන අර්බුදය, ගෑස් අර්බුදය ඇතුළු විවිධ අර්බුද හේතුවෙන් බොහෝ ආර්ථික මධ්යස්ථානවල එළවලු අලෙවිය සහ එළවලු ලැබීම බොහෝ සෙයින් පහළ බැස ඇතැයි ආර්ථික මධ්යස්ථාන වෙළද සංගම් පවසයි.

මේ වන විට දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ එළවළු තොග මිල විශාල වශයෙන් මිල පහළ වැටී එළවලු අලෙවි නොවන තත්වයකට පත්ව ඇතැයි ගොවිහු පවසති.
එළවළු මිල පහත වැටීම හා අලෙවි නොවීමට ප්රධාන හේතුව වී ඇත්තේ එළවළු මිලදී ගැනීමට වෙළෙන්දන් නොපැමිණීම හා ඉන්ධන හිඟගය බවද ගොවිහු කියති.
අද (20) 1kg - බෝංචි130 -140 ගෝවා 50 ත් 60 ත් අමුමිරිස් 250 ත් 300ත් ලීක්ස් 60- 70 ත් දඹල 70ත් 80 ත් කරවිල 80 -110 ත් කැරට් 130- 160 ත් වට්ටක්කා 50- 60 ත් මාළුමිරිස් 180- 200 ත් පිපිඤ්ඤා 25 ත් 30 ත් වම්බටු 110 -140 ත් මෑ කරල් 150 - 160 පතෝල 80 -100 වැටකොළු 80 -100 නොකොල් 60ත් 80 ත් බිට් 70 ත් 80ත් තක්කාලි 140 - 150 කැකිරි 30 - 40 ත් රාබු 20- 30 ත් අතර මිලකට අලෙවි වන බව වෙළෙන්දෝ කියති .
අද අලුයම විශාල වශයෙන් යාපනය අර්ධද්වීපයෙන් එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්යස්ථානයට ලැබී තිබුණු බවද වෙළෙන්දෝ පවසති.
එමෙන්ම කටුගස්තොට ආර්ථික මධ්යස්ථානයේ ද එළවළු අලෙවිය 75% කින් අඩු වී ඇති බව තොග වෙළඳ සංගමය පවසයි.
කටුගස්තොට ආර්ථික මධ්යස්ථානයේ තොග වෙළද සංගමයේ සභාපති ඩී.එන්.සිල්වා මහතා සඳහන් කළේ, ඩීසල් නොමැති වීමත් ගෑස් අර්බුදයත් නිසා ආර්ථික මධ්යස්ථානයේ වළවළු අලෙවිය සියයට 75 කින් අඩු වී ඇති බවයි.
ඩීසල් නොමැති වීම නිසා පවතින ප්රවාහන අපහසුතාවය නිසා ත් ගෑස් නොමැති වීම නිසා ආපන ශාලා වැසී යාම නිසාත් එළවළු අලෙවිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවත් සභාපතිවරයා කීය.
මේ ගැටළුවලය විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වුවහොත් උත්සව සමයේදී එළවළු ලබා ගැනීම ජනතාවට සිහිනයක් වනු ඇති බවද ඒ මහතා කීය.


කාංචන කුමාර ආරියදාස සහ මොහොමඩ් ආසික්

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...