Sunday, 13 March 2022


රටේ ජනතාව මේ වනවිට පත් වී සිටින්නේ ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නාටත් වඩා දරුණු තත්ත්වයක ය. එසේ පැවසීමට සිදු වී තිබෙන්නේ ගහෙන් වැටුණු මිනිසා එක ගොනකුගේ පහර කෑමට පමණක් ලක් වූවත්, රටේ ජනතාවට පන්න පන්නා අනින තත්ත්වයක් උදා වී තිබෙන බැවිනි.

මෙම තත්ත්වය උදා වූයේ මුළුතැන්ගෙයි ගෑස් උදුන් පුපුරා යෑම ආරම්භ වීමත් සමග ය. එම සිද්ධිදාමය පෝලිම් යුගයක ආරම්භය ලෙස සඳහන් කළ හැක. ආරම්භක අවස්ථාවේ දී ගෑස් උදුන් පුපුරා යෑමට පැහැදිලි හේතුවක් සඳහන් කිරීමට එම විෂය පිළිබඳ විශේෂඥයන් අසමත් වූ අතර ජනතාව තම ආහාර පිස ගැනීම සඳහා විකල්ප වෙත යොමු විය. සමහරුන් කලක් තිස්සේ අමතක කර දමා තිබූ අපගේ සාම්පරදායික ළිප වෙත යොමු විය. නමුත් මෑතක දී ඉදිකළ සමහර නිවාස ඉදිකර තිබුණේ සාම්පරදායික ළිපක් සඳහා ඉඩ වෙන් කිරීමකින් තොරවය. එසේම තට්ටු නිවාසවල සාම්පරදායික ළිපක් දැල්වීමේ හැකියාවක් ද නොමැත. එබැවින් එම ජනතාව යොමු වූයේ භූමි තෙල් සහ විදුලි උදුන් වෙතය. ඒ අතර තවත් සමහරු කඩෙන් කන වේල් පරමාණය වැඩි කිරීම ද ගෑස් පිපිරීම්වලට විසඳුමක් ලෙස තෝරා ගෙන තිබුණි.
කෙසේ වුවත් ජනතාව විසින්ම ගෑස් උදුන් පුපුරා යෑම නිසා මතු වූ අර්බුදය කළමනාකරණය කර ගනිමින් සිටිය දී සමගි ජන බලවේගයේ විශරාමික වෘත්තීය සමිති නායකයකු මාධ්ය හමු පවත්වමින් ඉන්ධන හිඟයක් පිළිබඳව ජනතාවට පැවසීය. ඒ සමගම සපුගස්කන්දේ තෙල් පිරිපහදුව වසා දමන බවත් පැවසීය. ඒ සමගම ගෑස් පෝලිම්වලට අමතරව ජනතාව ඉන්ධන ලබාගැනීම සඳහා ද පෝලිම් ගැසෙන්නට විය. එම අවස්ථාවේ දී ඉන්ධන හිඟයක් ඇති වූයේ වෙනදා රුපියල් 500/-ක 1000/-ක තෙල් තම වාහනයට ලබා ගන්න වාහන හිමියන් එම අවස්ථාවේ දී තම වාහනයේ ටැංකිය පිරෙන තුරු ඉන්ධන ලබාගැනීම නිසා ය. නමුත් ඉන් අනතුරුව ඉන්ධන හිඟ වූයෙත් ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිම් ඇති වූයෙත් සමගි ජන බලවේගයේ විශරාමික වෘත්තීය සමිති නායකයා නිසා ම නොවේ. ඒ සඳහා හේතු වූයේ කොළඹ වරායට ම සේන්දු වී තිබූ තෙල් නැව්වලට ගෙවීම් කිරීම සඳහා අවශ්ය ඩොලර් නො තිබුණ හෙයිනි. ඒ ආකාරයට කොළඹ වරාය ආසන්නයේ රස්තියාදු වීමට සිදු වී තිබෙන්නේ තෙල් නැව්වලට පමණක් නොවේ. ගෑස් නැව්වලටත් ඒ ආකාරයට කොළඹ වරාය ආසන්නයේ ඩොලර් එකතු කර ගන්නා තුරු රස්තියාදු වීමට සිදුවීම නිසා ඇති වූ පරතිඵලය වූයේ නැවත වරක් ගෑස් පෝලිම් ඇති වීමය. නමුත් මේ අවස්ථාවේ දී ගෑස් සඳහා විකල්පයක් ලෙස ඉතිරි වී ඇත්තේ සාම්පරදායික ළිප පමණි. ඒ මේ වනවිට ඇති වී තිබෙන ඉන්ධන හිඟය හේතුවෙන් භූමිතෙල් උදුන් සඳහා එම තෙල් ද විදුලි උදුන් සඳහා විදුලිය ද නොමැති වීම නිසා ය. ඒ සමග ගෑස් සහ විදුලිය නොමැති නිසා හෝටල් ද වසා දමා ඇති බැවින් කඩෙන් කාලා ද හමාරය. රටේ ජනතාව ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නාටත් වඩා දරුණු තත්ත්වයකට පත් වී සිටින බව අප පවසන්නේ ඒ නිසාය.
මෙම අවාසනාවන්ත තත්ත්වයට වගකිව යුතු එක් සාධකයක් වන්නේ කොවිඞ් වසංගතය යි. ඒ එම වසංගතය නිසා අප රටට සංචාරක ව්යාපාරයෙන්, විදේශ ශරමිකයන්ගෙන් සහ අපනයනයන්ගෙන් ලැබුණු ඩොලර් ආදායම අහිමි වී ගිය බැවිනි. අනෙක් සාධකය වන්නේ රට විශාල ණය හිමියකු බවට පත්කර තිබීමය. මෙම ණය කන්ද හේතුවෙන් මේ වනවිට රට පත් වී තිබෙන්නේ ගම්පෙරළිය නව කතාවේ සඳහන් කයිසාරුවත්තේ මොහම්දිරම්ගේ මරණයෙන් පසුව ඔහුගේ බිරිඳ වූ මාතර හාමිනේ පත් වූ තත්ත්වයටය. මොහන්දිරම් ජීවත්ව සිටිය දී පවුලේ කටයුතු සඳහා කිසිදු අඟහිගයක් නොවීය. නමුත් ඔහුගේ මරණයත් සමග එම පවුලට උදා වූයේ අද මේ රටේ මහජනතාවට උදා වී තිබෙන තත්ත්වය ය. තෙලෙන් බැදෙමින් ගෑස්වලින් පීඩාවට පත්වෙමින් ජනතාව ගත කරන එම ජීවිතය වසංකිරීම අනවශ්ය ය. ඒ එම තත්ත්වය ඔවුන් අත්විඳිමින් සිටින නිසාය. කයිසාරුවත්තේ මොහම්දිරම්ගේ පවුලට එබඳු පසුබිමක් නිර්මාණය වූයේ මුහන්දිරම් ජීවත්ව සිටිය දී ගැසූ රෝල ඒ ආකාරයට ම පවත්වාගෙන යෑමට මාතර හාමිනේ අසමත් වූ බැවින් සහ එම පවුලේ ආර්ථිකය බිඳ වැටී ම නිසා ය. තම දරුවන් අසනීප වූ අවස්ථාවල දී පරතිකාර කිරීම සඳහා මාතර හාමිනේට ඉඩ කඩම් පවා විකුණා දැමීමට සිදුවිය. මාතර හාමිනේගේ බැණා වූ ජිනදාසට තම ව්යාපාර අසාර්ථක වීම නිසා ගමරට පවා අතහැර යෑමට සිදුවිය. නමුත් ඒ සියල්ල ලෝකයට සඟවමින් තමන් සුපුරුදු පරිදි ජීවත් වනබව හැඟවීමට මාතර හාමිනේ ඇතුළු පවුලේ සමාජිකයන් උත්සාහ දැරීය. එසේ වූවද එම පරයත්නය අඛණ්ඩව පවත්වාගෙන යෑමට ඔවුන් අසමත් විය. මාර්ටින් විකරමසිංහ සූරීන්ගේ ගම්පෙරළිය නවකතාවෙන් කියන්නේ කයිසාරුවත්තේ මොහන්දිරම්ගේ පවුලේ කතාව හෝ කොග්ගල ගරාමයේ කතාව පමණක් නොවේ. විකරමසිංහ සූරීන් ගම්පෙරළිය, කලියුගය සහ යුගාන්තය යන තුන් ඈදුරු නවකතාවෙන් කියන්න යන්නේ කාල් මාක්ස් කියූ කතාවය. කාල් මාක්ස්ගේ අවමඟුල් සභාව අමතමින් ප්රෙඞ්රික් එංගල්ස් පරකාශ කළ ආකාරයට පරකාශ කරනවා නම් ඒ මිනිසාගේ පරිණාමයේ කතාවය.
අද රටේ ජනතාව පත් වී ඇති අසරණ තත්ත්වයට ආණ්ඩුව වගකිව යුතුය යන්න පරධාන විපක්ෂය වූ සමගි ජන බලවේගයේ අදහසය. නමුත් ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂ ආදී වූ භෞතිකවාදී, මාක්ස්වාදී පක්ෂ පරකාශ කරන්නේ පවතින අර්බුදයට විසඳුම් ඇත්තේ නම් ළඟ පමණක් බවය. ඔවුන් වැඩි දුරටත් පරකාශ කරන්නේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නායකයන් මාරුවෙන් මාරුවට වසර 75ක් මේ රට පාලනය කර ඇති බැවින් තමන්ටත් දීලා බලන ලෙසය.
විපක්ෂය නියෝජනය කරන ආර්ථික ඔස්තාර්ලා සහ ආර්ථික ශාස්තරඥයන් කිහිපදෙනකුට පසු ගිය කාලය පුරා පවත්නා අර්බුදයට විසඳුම් ලෙස යෝජනා කළේ ඩොලරයේ අගය වෙළෙඳ පොළ බලවේගයන්ට අනුව තීරණය වීමට ඉඩ හැරීම, ජාත්යන්තර මූල්ය අරමුදලේ පිහිට පැතීම, විදේශ ණය පරතිව්යුහගත කර ගැනීම වැනි යෝජනාය. ආණ්ඩුවට හිතවත්ව අදහස් දක්වන ආර්ථික ඔස්තාර්ලා ඒ පිළිබඳව අදහස් දක්වමින් පරකාශ කර සිටියේ ඩොලරයේ අගය වෙළෙඳ පොළ බලවේගය අනුව තීරණය වීමට ඉඩ ඇරිය හොත් අත්යවශ්ය භාණ්ඩවල මිල ඉහළ යන බව සහ ජාත්යන්තර මූල්ය අරමුදල හමුවට ගියහොත් ඔවුන්ගේ දරුණු කොන්දේසිවලට යටත් වීමට සිදුවන බවත්ය. පසුගිය කාලය තුළ දී එම ස්ථාවරයේ ම පසු වූ බව පෙන්නුම් කළ ආණ්ඩුව ද සංචාරක ව්යාපාරයෙන් සහ විදේශ ශරමිකයන්ගෙන් ලැබෙන ඩොලර්වලින් පරශ්නය කළමනාකරණය කර ගැනීම අපේක්ෂා කළ බව පෙනෙන්නට තිබුණි.
කෙසේ වුවත් මේ මොහොත වනවිට ආණ්ඩුව ඩොලරයේ අගය වෙළෙඳ පොළ බලවේග අනුව තීරණය වීමට ඉඩ හැර ඇති අතර, නුදුරේදීම ජාත්යන්තර මූල්ය අරමුදලේ ද පිහිට පැතීමට ඉඩ ඇත. එහි පරතිඵලයක් ලෙස ගෑස් සහ ඉන්ධන පෝලිම් යුගය අවසන් විය හැකි වුවත් ජනතා උද්ඝෝෂණ උත්සන්න වූ යුගයක් උදා වීමේ ඉඩ ඇත. අද පෝලිම්වල කාලය ගත කරන ජනතාවට හෙට දිනයේ දී පඩි වැඩි කරන ලෙසත්, බඩු මිල අඩු කරන ලෙසත් ඉල්ලා උද්ඝෝෂණය කරනු අයුරු දැක ගැනීමේ අවස්ථාව උදාවීමට ඉඩ ඇත. ඒ ඩොලරයේ අගය වැඩිවීම සහ රුපියලේ අගය අවපරමාණය වීම නිසා අත්යවශ්ය භාණ්ඩ හා සේවාවල මිල අධික ලෙස ඉහළ යා හැකි බැවිනි. ජනතාවගේ මිල දී ගැනීමේ හැකියාව පහළ යන බැවිනි. එබඳු පසුබිමක් තුළ අද පෝලිම්වල කල් ගෙවන ජනතාවට, පෝලිම්වල ම සිටියා නම් හොඳයි කියා සිතෙන්නටත් බැරි නැත.
කෙසේ වුවත් දැනට පවතින සහ ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වය ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂ වැනි මාක්ස්වාදී පක්ෂවල නායකයන් දකින්නේ මාර්ටින් විකරමසිංහ සූරීන් ගම්පෙරළිය ඇතුළු තුන්ඈදුරු නවකතාවලින් කියන්න ගිය මාක්ස්වාදී කතාව ලෙසය. කයිසාරුවත්තේ මොහන්දිරම්ගේ පවුලේ පරශ්නයක් ලෙස නොව සමාජ කරමයේ පරශ්නයක් ලෙසය. ඒ අනුව එම පක්ෂවල නායකයන් ජනතාව තමා වෙත විප්ලවකාරී ලෙස යොමු වේයකියා අපේක්ෂා කළත් ඒ සඳහා ඇති අවස්ථාව ඔටුවකු ඉදිකටු මලකින් පැන්නවීමට තිබෙන ඉඩටත් වඩා අඩුය.
ඒ සඳහා හේතු වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමීන්ගේ පරමාදර්ශී රාජ්යයක් වන කියුබාවේ සහ උතුරු කොරියාවේ ජීවත්වන ජනතාව ද අද මේ රටේ ජනතාව මුහුණ දෙමින් සිටින පරශ්නවලට මුහුණ දෙන බව මේ රටේ ජනතාව දන්න නිසාය. එසේම මාක්ස්වාදයේ සඳහන් වන්නේ මිනිසාගේ පරිණාමයේ කතාව නොව බයිබලයේ සඳහන් ස්වර්ග රාජ්යයක් පිහිටවීම සඳහා වූ කතාව බව දන්නා නිසාය.
එබැවින් දැන් ජනතාව කළ යුතුව ඇත්තේ කයිසාරුවත්තේ මොහන්දිරම්ගේ කතාව එම පවුලේ කතාව ලෙස දැකීමය. මාතර හාමිනේ අමාරුවේ වැටුණේ මොහන්දිරම්ගේ සෝබන වැඩ නිසා ය. අද මේ රටේ ජනතාව අමාරුවේ වැටී ඇත්තේ රටේ පාලකයන්ගේ සහ ජනතාවගේ සෝබන වැඩ නිසා ය. ලෝකයට ණය වීම නිසා ය. වාහන ආනයනය තහනම් කිරීමට, අත්යවශ්ය නොවන භාණ්ඩ තහනම් කිරීමට අද සිදු වී තිබෙන්නේ එම නිසා ය. එම භාණ්ඩ අත්යවශ්ය නොවන බව දැන ගෙන කටයුතු කළා නම් අද පාලකයන්ට මෙන්ම ජනතාවට ද මෙබඳු ඉරණමක් අත්වන්නේ නැත.

එරික් ගාමිණී

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...