Wednesday, 9 March 2022


මහ බැංකුවේ තීරණයෙන් පසු සිදු වූ වෙනස.

ශ්රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව මැදපෙරදිග රටවල විනිමය සඳහා තීරණය වී ඇති රුපියල් වටිනාකම් අද (09) දිනයේ දී සුවිශේෂී ලෙස ඉහළ ගොස් ඇත.
මැදපෙරදිග රටවල් කිහිපයක ප්රධාන ව්යවහාර මුදල් ඒකක කිහිපයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය ඊයේ (08) දිනයට සාපේක්ෂව අද (09) දින ඉහළ ගොස් ඇති ආකාරය පහතින් දැක්වේ.
*බහරේන් ඩිනාර් – රු. 536.00 සිට රු. 608.69 දක්වා
*කුවේට් ඩිනාර් – රු. 665.21 සිට රු. 755.43 දක්වා
*ඕමාන් රියාල් – රු. 524.90 සිට රු. 596.09 දක්වා
*කටාර් රියාල් – රු. 55.30 සිට රු. 62.96 දක්වා
*සවුදි අරාබි රියාල් – රු. 53.86 සිට රු. 61.16 දක්වා
*UAE ඩිරාම් – රු. 55.01 සිට 62.48 දක්වා
පෙර දිනයේදී දේශීය විදේශ විනිමය වෙළදපොළහි අදාළ මුදල් ඒකකයට එරෙහිව ශ්රී ලංකා රුපියලහි සිදු වූ සමස්ථ සැබෑ එතැන් ගණුදෙණුවල බර තැබූ සාමාන්ය අගය “නිරූපිත එතැන් විනිමය අනුපාතිකය” යනුවෙන් හදුන්වයි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...