Wednesday, 9 March 2022


සමගි ජන බලවේගයේ ආර්ථික ප්රතිපත්ති කණ්ඩායම, ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ ශ්රී ලංකා මහ බැංකුවේ ජ්යෙෂ්ඨ නිලධාරීන් හමු වී සාකච්ඡා කළ බව පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබමින් සිල්වා මහතා ඒ බව සඳහන් කර ඇත
මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ ආර්ථික ප්රතිපත්ති කණ්ඩායමේ කබීර් හෂීම්, ඉරාන් වික්රමරත්න යන මහත්වරුන් එක්ව ඇත.
පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කළ සටහනේ මෙසේ ද දැක්වේ.
සමගි ජන බලවේගයේ ආර්ථික ප්රතිපත්ති කණ්ඩායම නියෝජනය කරමින් කබීර් හෂීම් මහතා, ඉරාන් වික්රමරත්න මහතා සහ මා අද පෙරවරුවේ ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ මහ බැංකුවේ ජ්යෙෂ්ඨ නිළධාරීන් මුණ ගැසී ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතයුතු ක්රියා මාර්ග පිළිබඳව අවධාරණය කළා.
වගකිව යුතු විපක්ෂයක් ලෙස රට පිළිබඳව අපිට වගකීමක් තිබෙන නිසා ආර්ථිකය හසුරුවන මහ බැංකු අධිපතිවරයාට සහ මහ බැංකුවේ ජ්යෙෂ්ඨ නිළධාරීන්ට අපගේ යෝජනා ඉදිරිපත් කළේ රට වෙනුවෙන්.
මේ අවස්ථාවේ දේශපාලන පක්ෂ පාට බේදයකින් තොරව අපගේ යෝජනා ක්රියාත්මක කරන්නේ නම් එයින් මේ අර්බුදය විසඳා ගැනීමට මග පෑදෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. අපි මෙහිදී පෙන්වා දුන්නේ මෙම ආර්ථික අර්බුදය කෙටි කාලීන ද්රවශීලතා ගැටලුවක් යැයි මහ බැංකුව සිතා සිටියත් මෙය එසේ නොවන බවයි.
පවතින තත්ත්වය අනුව රට බංකොලොත් වීමේ අවධානමක් දක්වා මෙම ආර්ථික අර්බුදය දිග් ගැස්සී තිබෙන බවත් මේ නිසා මෙරට ණයවල තිරසාරත්වය විශ්ලේෂණය කර ඒවා ප්රතිව්යුහගත කිරීමට අවධානය යොමුකළ යුතු බවත් අපි මෙහිදී අවධාරණය කළා.
කෙසේවෙතත්, මූල්ය අරමුදලට යෑමට මහ බැංකුව උනන්දුවක් දක්වන බවක් මෙහිදී පෙනුනේ නෑ. හදිසි ණය තිරසාරත්ව විශ්ලේෂණයක් සහ සැලසුමක් සිදුකර ණය ප්රතිව්යුහගත කිරීමේ වැදගත්කම අපි දැඩිව අවධාරණය කළා.
එසේම,⁣ මෙරට ආහාර උද්ධමනය 2019 නොවැම්බර් සිට 40% ක් දක්වා වැඩිවී තිබෙන බවත් එය ජනතාවට දරාගැනීමට නොහැකි නිසා එය වහාම පහළ දැමීමට පියවර ගත යුතු බවත් මා සඳහන් කළා.”

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...