Tuesday, 15 March 2022


කඩුවක් අතින් ගෙන මහාමාර්ගවල ප්රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු මෙල්ල කිරීමට සමත් වීම හේතුවෙන් සිංගප්පූරුවේ වෙසෙන ශ්රී ලාංකිකයකුට එරට පොලිසියෙන් සම්මානයක් හිමි ව ඇත.
මෙලෙස සම්මාන ලබා ඇත්තේ සිංගප්පූරුවේ ජීවත් වන ශ්රී ලාංකිකයකු වන 35 හැවිරිදි අමිල චින්තන මහතා ය.
අමිල චින්තන මහතා සිංගප්පූරුවේ බෙදාහැරීමේ සේවා සපයන සමාගමක් පවත්වාගෙන යයි.
සමුරායි කඩුවත් අතින් පුද්ගලයකු මෙලෙස මාර්ගයේ වීදිවල හැසිරී තිබෙන අතර ඔහු අමිල චින්තන මහතාට ද කඩු පහර එල්ල කර තිබේ.
එම ප්රහාරවලින් චින්තන මහතාට කැපුම් තුවාල සිදු ව තිබේ.
කෙසේ නමුත් කඩුව අතින් පුද්ගලයා බිම දමා ඔහු පාලනය කරගැනීමට චින්තන මහතා සමත්ව ඇත.
සිංගප්පූරු පොලිසිය එදිනෙදා ජීවිතයේ දී, මහජනතාව වෙනුවෙන් වීරත්වය පළ කරමින් මහජන සුබසිද්ධිය උදෙසා කටයුතු කරන සිවිල් වැසියන් අගය කරමින් සම්මාන ලබාදීමක් සිදු කරයි.
මෙසේ මහජන ආරක්ෂාවට තර්ජනයක් වෙමින් කඩුව අතැතිව මාර්ගවල ගමන් කර ඇත්තේ 37 හැවිරිදි සිංගප්පූරු ජාතිකයකු වන ෆාදීල් යූසුෆ් නමැති පුද්ගලයෙකි.
ඔහු නිවසින් පිට වීමට පෙර යම්කිසි ඖෂධයක් හෝ මත්වන ද්රව්යක් හෝ පානය කර ඇතැයි ද අමිල චින්තන මහතාට කඩු ප්රහාර එල්ල කිරීමට පෙර වාහන කිහිපයකට අලාභහානී කරමින් ප්රචණ්ඩකාරී ලෙස හැසිරී ඇත.

(සිංගප්පූරු මාධ්ය ඇසුරිනි)

 

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...