Thursday, 31 March 2022

ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට මහබැංකුව තීරණය කර තිබේ.


ශ්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමෙහි ස්ථානීය පරීක්ෂණයක් සිදුකරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.


ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් අදාළ ස්ථානීය පරීක්ෂණය සිදුකර තිබේ.


සමාගම විසින් ඔවුන් වෙත බලපත්‍රලාභී බැංකු විසින් ලබා දෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාත තම ගනුදෙනුකරුවන් වෙත ලබා දී විදේශ මුදල් මිලදී ගන්නා බවත්, එමගින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ බලයලත් මුදල් හුවමාරු කරන්නන් වෙත නිකුත් කරන ලද විධානයන් කඩ කරන බවත් එහිදී නිරීක්ෂණය වී තිබේ.


ඒ අනුව 2022.03.31 දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමට බලයලත් මුදල් හුවමාරු කරන්නෙකු ලෙස මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල යෙදීමට තවදුරටත් අවසර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම්දී ඇත.


තවද, මෙම අත්හිටුවන ලද කාල සීමාව තුළ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගම සමඟ කරන ඕනෑම ගනුදෙනුවක් විදේශ විනිමය පනතෙහි ප්‍රතිපාදන උල්ලංඝණය කිරීමක් ලෙස සැලකෙන බව ද මහජනතාවට දැනුම් දී ඇත.


මහ බැංකුව බලයලත් මුදල් හුවමාරු කිරීමේ ආයතන සම්බන්ධයෙන් ස්ථානීය විමර්ශන තීව්‍ර කර ඇති අතර විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති උපදෙස්වලට අනුගත නොවන බලයලත් මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර අත්හිටුවීමට/අවලංගු කිරීමට ද කටයුතු කරනු ඇත

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...