ඉතිහාසයේ පළමු වරට ආනයනික ඇපල් ගෙඩියක මිල රුපියල් එකසිය අසූවක් දක්වා ඉහළ ගොස් ඇතැයි මාතලේ පාරිභෝගික ජනතාව පවසයි.
රුපියල් විස්සේ සිට රුපියල් පනහක් දක්වා විවිධ මිල ගනන් යටතේ අලවි වූ ආනයනික ඇපල් ගෙඩියක් සදහා මෙවැනි දැවැන්ත මිලක් වාර්තාවීම සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ඇපල් අලවි කරුවන් කියා සිටියේ රජය මගින් ආනයනික ඇපල් සඳහා පනවා ඇති බදු මුදල් ඉහළ දැමිම හා පාලනය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවයි.
කෙසේ වෙතත් ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ වෙනදා මෙන් ඇපල් මිලදී ගැනීම සදහා පාරිභෝගිකයින් උන්නදුවක් නොදක්වන බවයි.
මේ අතර වෙළපොල තුළ ආනයනික දොඩම් ගෙඩියක මිල රුපියල් 90.00 ත් රුපියල් 100.00 මිලක් වාර්තා වන බව ද ව්‍යාපාරිකයෝ කියා සිටියහ.
පවත්නා ආර්ථික අර්බුදය හමුවේ ආනයනික පලතුරු වල මිල තවදුරටත් ඉහළ යා හැකි බව කියා සිටි ව්‍යාපාරිකයින් අවධාරණය කර සිටියේ විදේශීය හෝ දේශිය පලතුරු මිලදී ගැනීම් මාතලේ දිස්ත්‍රික්කයේ බොහෝ දුරට අඩුවී ඇති බවයි.
නාඋල - ඉන්දික අරුණ කුමාර
No comments:
Post a Comment