මේ වෙලාවෙ ඉන්දියාව කරන්නෙ තමන්ට පාලනය කරන්න ලේසිම පවුල බිත්තියටම හේත්තු කරල පරණ ඇරියස් ටික කවර් කර ගන්න එක.
MCC කොරිඩෝ ඇඳපු ජනනායකලාටයි දේශප්රේමී වීරවංසලාටයි වෙන්නෙ කසාය බීපු ගොළුවො වගේ ඉන්න.
අනාගතේ රජවෙන්න ඉන්දියාවෙන් උදව් ගන්න බලං ඉන්න රනිල්ලා සජිත්ලාට වෙලා තියෙන්නෙ තියෙන දේ කාල වෙනදේ ගැන බකං නිලාගෙන ඉන්න.
ලංකාවෙ ජන්ද දායකයන්ට වෙන්නෙ අවුරුදු 75 ක් තිස්සේ ජන්දෙ දීල පත් කර ගත්ත දේශපාලුවෝ හින්ද ලෝකෙටම ණය වෙච්ච හිඟන රටක පුර වැසියෝ වෙන්න.
කටවල් වහගෙන ඉන්නකම්, ලෝකෙට තවත් ණය වෙලා අච්චු ගහල බෙදන රුපියල් පන්දාහ අරගෙන ඉන්නකම් මේ සෙල්ලම මේ විදියටම තියෙයි.
සක්වල ගල ප්රකම්පිත කරගෙන රාවණ පරපුරට රාමාගේ නෑදෑයෝ ඇවිත් පුටිං යූක්රේනයට නෙළනව වගේ නෙළපු දාට ඔය උදාසීන ජනතාවට මේක තේරුම් යයි. එතකොට පරක්කු වැඩී.
ඒත් කියයි කමක් නෑ බුදුන් උපන් රටටනේ අපි යටත් වුණේ කියල.
හැබැයි එක දෙයක් තියෙනව. උදව් දෙන මුවාවෙන් ගිණි පොළියට ණය දීලා ඒවා හරියට ගෙව්වෙ නැත්නම් ඩොලර් මිළියන ගණන් උදුර ගන්න චීන්නුන්ට වඩා නම් ඉන්දියාවෙ සපෝට් එක මේ වෙලාවෙ රාජපස්සලාට පොඩි හුස්මක් අරන් ඒවි. මේ පැකේජ් එක අස්සෙ දෙමළ ජනතාවට ස්වයං පාලනය දීපල්ලා කියලා එකකුත් රිංගවලා තවරලා දුන්නාම තරු පේන්ඩ පටන් ගනීවි.
එතකොට පෙරහැර ගිහින් ඉවරයි පින්වත.
ආ කමක් නෑ.
ඒත් අපිට ඉන්න කියල රටක් ඉතිරි වුණේ අපේ රත්තරන් අප්පච්චිට පිං the ending.
No comments:
Post a Comment