ඉන්දීය විදේශ අමාත්ය එස්. ජයශංකර් මහතා සහ 1990 සුවසැරිය නිර්මාතෘ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් 29දා පස්වරුවේ රාජගිරියේ පිහිටි 1990 සුවසැරිය ප්රධාන මූලස්ථානයේදී පැවැත්වුණා.
මෙම අවස්ථාවේදී ජයශංකර් මහතා පැවසුවේ ඉන්දීය සහයෝගයෙන් ආරම්භ කෙරුණු 1990 සුවසැරිය ගිලන්රථ සේවය අද තිබෙන තත්ත්වය පිළිබඳව තමා අතිශයින්ම සතුටට පත්වන බවයි.
ඉදිරියටත් ශ්රී ලංකාවට සහයෝගය ලබාදීමට සූදානම් බව පැවසූ ජයශංකර් මහතා 1990 සුවසැරිය මෙරට ආරම්භ කිරීමට සිදුකළ කැපවීම වෙනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට විශේෂ ස්තුතියක්ද පිරිනැමීය.
මෙම අවස්ථාවට අමාත්ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.
ඉසුරු පෙරේරා
No comments:
Post a Comment