Sunday, 6 March 2022


අපේ රටට අයත් දුරින්ම පිහිටි දූපත කච්චතිව් වේ. කන්කසන්තුර වරායේ සිට කිලෝමීටර් 90ක් දුරින් මේ දූපත පිහිටා ඇති අතර ජන ශූන්ය දූපතක්ව පවතින මෙයට ජනතාවට යන්න අවසර ලැබෙන්නේ වසරකට එක් වරක් පමණයි. ඒ කච්චතිව් වාර්ෂික මංගල්යයට පමණි. කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ 2017 වසරේ මාර්තු 12 වැනිදා පැවැත්වුණු වාර්ෂික මංගල්යයට සහභාගිවීම ඉන්දීය බැතිමතුන් වර්ජනය කර තිබුණි. මෙයට හේතුව වූයේ නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයකුට වෙඩි තබා ඝාතනය කළේ යැයි පවතින චෝදනාවයි. නමුත් නාවික හමුදාව මෙය පරතික්ෂේප කර තිබූ අතර මේ වාර්ෂික මංගල්යය සඳහා ලාංකික බැතිමතුන් 6600ක් පමණ සහභාගිව සිටියහ. 2017 වසරේ තිබෙන විශේෂත්වය වූයේ නාවික හමුදාව විසින් ගොඩනඟන ලද නවතම දේවස්ථානයේ ශාන්ත අන්තෝනි මංගල්යය පැවැත්වීමට හැකිවීමයි. යාපනයේ සිට නම් මුහුදු සැතපුම් හතළිස් දෙකක් පමණ දුරින් පිහිටි කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ මංගල්යයට වැඩි වශයෙන්ම සහභාගි වන්නේ ධීවර ජනතාව ය. 30 වසරක කුරිරු යුද්ධයේ සාපය නිසි 1982 වසරේ සිට වසර 27 ක් පුරා කච්චතිව් දූපත තහනම් පරදේශයක් විය. 2009 යුද්ධය නිමාවත් සමග 2010 වසරේ සිට කච්චතිව් දූපතේ පෙර පරිදි ශාන්ත අන්තෝනි මුනිතුමන්ගේ මංගල්යය පැවැත්වීම ඇරඹුණේ නාවික හමුදාවේ අනුගරහය ඇතිවය. ලංකා මුහුදු සීමාවේ පිහිටි කච්චතිව් දූපතට වඩාත් සමීප වන්නේ ඊට කිලෝමීටර් 14 ක් දුරින් පිහිටි ඉන්දියාවේ රාමේශ්වරම් පරදේශයටයි.

මේ අතර පසුගියදා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පවසා තිබුණේ ”මෙවර කච්චතිව් පල්ලියේ උත්සවයට ලංකාවේ, ඉන්දියාවේ බැතිමතුන් කිසිවෙකුට එන්න අවසර දෙන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. පල්ලියේ උත්සවය පැවැත්වෙන්නේ කතෝලික පියතුමන්ලාගේ සහභාගිත්වයෙන් පමණයි” යනුවෙනි. පැතිර යන කොවිඞ් වසංගතය හේතුවෙන් මාර්තු 11 සහ 12 දෙදින පැවැත්වෙන කච්චතිව් වාර්ෂික උත්සවය සඳහා ඉන්දීය බැතිමතුන්ට අවසර ලබා නොදෙන බව යාපනය දිසා ලේකම්වරයා මුලින්ම දන්වා තිබිණි. මෙයට දැනටමත් තමිල්නාඩුවේ විරෝධය එල්ලවී ඇත. ඉන්දීය බැතිමතුන්ට සහභාගීවීමේ අවස්ථාව අහිමි කිරීම ගැන කනස්සල්ල පළ කළ තමිල්නාඩු මහ ඇමැති එම්.කේ ස්ටාලින් එරට විදේශ කටයුතු ඇමැති එස්. ජයිසංකර් ගෙන් ඉල්ලා ඇත්තේ ලංකා ආණ්ඩුව සමග සාකච්ඡා කොට ඒ සඳහා පහසුකම් සලසන ලෙසයි. යාපනය දිසා ලේකම්වරයා විසින් ලංකාවේ බැතිමතුන් 500 ක් සඳහා අවසර ලබා දීමට කලින් සැලසුම් කර තිබුණ ද ජනාධිපතිවරයාගේ අණින් මෙවර කච්චතිව් මංගල්ලය කතෝලික පියතුමන්ලාට පමණක් සීමා වී තිබේ. තමිල්නාඩුවේ හිටපු මහඇමැති ඕ. පන්නීර් සෙල්වම් ද දිල්ලි ආණ්ඩුවේ විදේශ ඇමැතිට ලිපියක් ලියමින් ඉන්දීය ධීවරයින් සඳහා අවශ්ය අවසරය ලබා ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා ඇත.
කච්චතිව් ඉතිහාසය පිළිබඳවත් මේ අවස්ථාවේ සිහි කළ යුතුය. කරි.ව. 1800 දී ලන්දේසි යුගයේ ඇඳි සිතියමක් ඇතුළත් කරමින් කරි.ව. 1950දී ආර්. එල්. බ්රෝහියර් සම්පාදනය කළ කෘතියක ද කච්චතිව් දූපත උතුරට අයිති බව දැක්වේ. ඒ නිසා පැරණිකම අනුව එහි ලංකාවට ඇති අයිතිය තහවුරු වේ. ඉංගරීසි ජාතික සිවිල් නිලධාරියකු වූ සර් ජේම්ස් එමර්සන් ටෙනස්ට් කරි.ව. 1860දී ”සිලෝන්” නමින් කළ ගරන්ථයේ මෙම දූපතේ සිතියමක් අමුණා ඇත. කරි.ව. 1857 ජනවාරි 15 වැනිදා ජෝන් ඇරෝස්මිත් ලන්ඩනයේ දී අඳින ලද යාපන අර්ධද්වීපයට අයත් දූපතක් ලෙස නම් කෙරිණි. එහෙත් මේ දූපතේ අයිතිය පිළිබඳව ඇති මත ගැටුම නිසා තමිල්නාඩු මහ ඇමැතිනියව සිටි ජයලලිතා ජෙයරාම් මියයනතුරුම මේ දූපත ඉන්දියාව විසින් පවරා ගත යුතු යැයි පරකාශ කළාය. ඉතිහාසය මතක් කරන විට 2016 ජුනි මාසයේදී පැවති තමිල්නාඩු පරාන්ත සභා රැස්වීමේ දී කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගැනීම සඳහා තමා කටයුතු කරන බවට තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජෙයරාම් මහත්මිය පරතිඥාවක් ලබා දී තිබිණි. ශරී ලංකාව හා ඉන්දියාව අතර 1974 වසරේ ඇති කරගත් ගිවිසුමකට අනුව ශරී ලංකාවට පැවරුණු කච්චතිව් දූපත තමිල්නාඩු ධීවරයින්ගේ සාම්පරදායික නැවතුම්පොළක් ලෙස ජෙයරාම් මහත්මිය හඳුන්වයි. 1974 දී ඇති කරගත් ගිවිසුමට අනුව එම දූපත අවට මසුන් මැරීමට අවසර ලබා දී තිබුණ ද 1976 දී ඇති කරගත් තවත් ගිවිසුමක් මඟින් එම අයිතිය අහෝසි කර ඇති බවට තමිල්නාඩු මහ ඇමැතිනිය චෝදනා කර තිබිණි. ඒ අනුව අදාළ ගිවිසුම් දෙකම අභියෝගයකට ලක් කරමින් ඇය 2008 වසරේ දී ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ගොනු කළාය.
කච්චතිව් අයිතිය ගැන 1947 සිට පැවැති ජාත්යන්තර අර්බුදයට තිත තැබුවේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය හා ඉන්දිරා ගාන්ධි අගමැතිනිය අතර 1974 ජූනි 26දා අත්සන් කළ ගිවිසුම තුළිනි. ”කච්චතිව් දූපතේ අයිතිය ශරී ලංකාවට” මවු බිමේ අයිතිය මැතිනිය දිනාගනී, ඉන්දියන් යෝධයෝ දණ ගසති. මැයෙන් ඒ දිනවල මෙරට පුවත්පත්වල මුල් පිටු අලංකාර වී තිබිණ. ශරී ලංකාවේ සැබෑ උරුමය පිළිගෙන කච්චතිව් දූපත ඉන්දියානු ගරහණයෙන් මුදවාගත් අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට සියලූ ශරී ලාංකිකයින් එදා මෙන්ම අදත් අනාගතයේත් උපහාර දැක්විය යුතුය. ලොව පරථම අගමැතිනියගේ සමීපතම යෙහෙළිය වූ ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි සමග පැවැති සුහද එමෙන්ම රාජ්ය තාන්තරික සාකච්ඡාවල පරතිඵලය ලෙස කච්චතිව්හි අයිතිය මෙරටට දිනාගත හැකිවිය. කෙසේ නමුත් අක්කර 705 කින් පමණ සමන්විත මෙම දූපත ශරී ලංකාවට අයත් වුණත් ඉන්දීය පුරවැසියන්ට දූපතට පැමිණීමේ දී ගමන් බලපත් සහ වීසා ලබා ගැනීමට අවශ්ය නැත. ඒ මේ ආගමික උත්සවය නිසාය. 2017 දී ඉන්දීය විදේශ ලේකම් සංජෙයි බණ්ඩෙයි යාපනයේ කළ සංචාරයකදී අවධාරණය කර සිටියේ විටක කච්චතිව් අයිතිය ගැන ගැටලූවක් නැති බවයි. නැති ගැටලූ ඇති කරන්නේ තමිල්නාඩුවේ තක්කඩි දේශපාලකයින් වේ.

චතුර පමුණුව

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...