Sunday, 6 March 2022

 

ලෝකයේ ව්යාඝර ගහණයෙන් 70% කටත් වැඩි පරතිශතයක් වෙනුවෙන් හිමිකම් කියන ඉන්දියාවේ පවා මේ වෙන විට ඔවුන්ගේ ගහණයේ යම් අඩුවීමේ පරවණතාවයක් දක්නට ලැබේ. ඒ නිසාම ඉන්දියාව අභයභූමි කේන්ද්ර කර ගෙන අනතුරු ඉදිරියේ ඇති සත්වයින්ගේ ගහණය වැඩි කිරීමට පියවර ගෙන තිබේ. ඒ නිසාම 2021 වසරේ අවසානය වන විට ඉන්දියාවේ ව්යාඝර ගහණය 2976 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම ව්යාඝර ධේනුවට ‘‘බඩි මාතා’’ හෙවත් ‘‘ලොකු අම්මා” යැයි නම් ලබා ‘‘පෙන්චි ව්යාඝර සංරක්ෂිතයේ පදිංචිය ලබා දුන් අතර ඇගේ සැමියා T-1 විය. 2005 වසරේදී ඔවුනට දාව ලද දියණිය නිල වශයෙන් T-15 නමින් හැඳින්වූවත් කරට රේඩියෝ කොළරයක් පැළඳ වූ තැන පටන් ඇය හඳුන්වනු ලැබුවේ ‘‘කොලර්වාලී ’’ යන නමින්ය. වසර ගණනාවක්ම ඇගේ චරියාවන් මෙම කොළරය ඔස්සේ නිරීක්ෂණය කරන ලදී. මේ පැටවා උපන් තැන පටන් පෙන්චි රක්ෂිතයේ නව ආලෝකයක් ලැබුණා යැයි කිවහොත් නිවරැදිය.
සශරික මව් පදවියට…
2008 වසරේදී කොලර්වාලී සිය කුළුඳුලේ ලද පැටවුන් තිදෙනාම නිව්මෝනියා රෝගයට ගොදුරුව මිය ගියහ. නමුත් ඇය වැඩි කාලයක් ගෙවන්නට මත්තෙන් නැවතත් මවක වීමේ නිමිති පහළ කළාය. ස්වභාව විද්යාඥයින් පවා මවිතයට පත් කරමින් 2010 වසරේදී ඇය පස් නිවුන් දරුවන් බිහි කරන ලදී. වසර දහසයක ජීවිත කාලයේදී කොලර්වාලි විසින් අට වතාවකදී දරුවන් 29 දෙනකු බිහි කර ඇති අතර එයින් පැටවුන් 25 ක්ම සුවසේ සිටිති. මේ පැටවුන් කොලර්වාලීගේ වගේම අපේ වනජීවි ගහණයේද සම්පතයි. මේ පැටවුන් අනාගතයේදී තවත් ව්යාඝර ගහණයට ඔවුන්ගේ දායකත්වය ලබා දෙනු ඇති. ඒ නිසාම ඇය පෙන්චි වනයේ සශරිකත්වය යන විරුදාවලියෙන් හඳුන්වා තිබේ.
බොහෝ ව්යාඝර ධේනුන් වසර දෙකක්ටත් වැඩි කාලයක් සිය පැටවුන් තමා සමගම රඳවා ගන්නා නමුත් ඇය ඉතා ඉක්මනින් දරුවන් ඔවුන්ගේ ගොදුරු බල පරදේශයේ තනිකර දමා ස්වාධීන ජීවිතයක් වෙනුවෙන් හුරු කළාය. සිය මවගේ උරුමයෙන් ලද වසම මැනවින් දැන හඳුනා ගත් ඇය මරණය තෙක්ම තමාගේ ආධිපත්ය වසම තුළ පවත්වා ගැනීමට සමත් වූවාය. ඇය තමාගේ වසමෙන් පිටට ගමන් ගත්තා නම් ඒ ඉතාමත් කලාතුරකින්ය.
පෙන්චි වනෝද්යානයේ පශු වෛද්ය අබිලේෂ් මිශරා සඳහන් කරන්නේ…
කොලර්වාලි හරිම ශක්තිමත් අම්මෙක්… සමහර වේලාවට පැටවුන්ට ආහාර වෙනුවෙන් දිනකට දෙවතාවක් දඩයම් කළා. ඇය හරිම බුද්ධිමත්… කරදරයක් වුණ විට වගේම තුවාලයක් වුණොත් පරසිද්ධියේම වැතිරී සිටිනවා. ඒ වැතිරී සිටීම හරියට එයාට අපේ උපකාරය අවශ්ය බව කියනවා වගෙයි. කොටින්ම ඇවිද ගැනීමටවත් බැරුව දුර්වලව සිටි මරණයට පෙර දිනයේදීත් ඇය මේ විදිහටම එළිමහනේ වැතිරී සිටියා. ඒත් අපට ඇය බේරා ගැනීමට බැරි වුණා.
මට මිහිපිට තිබෙන ලොකුම සතුටක් ඇත්නම් ඒ කොලර්වාලී සමග ගෙවුණ කාලය යැයි වෛද්ය මිශරා සඳහන් කර තිබේ.
පෙන්චි වනෝද්යානයේ මුහුණත
වන සංරක්ෂණවේදී විවේක් මෙනන් විසින් ඇය ‘‘පෙන්ච්හි මුුහුණත ’’ ලෙසින් හඳුන්වා තිබේ. කොලර්වාලී ඉපදෙන්න පෙරාතුව පෙන්චිවල ව්යාඝරයෙක් දකින්න ලැබුණේ ඉතාම කලාතුරකින්. නමුත් ඇය මේ වනෝද්යානයේ වැඩියෙන්ම දකින්න ලැබුණ ව්යාඝර ධේනුව බවට පත් වුණා. ස්වභාව විද්යාඥ මොහමඞ් රෆීක් ෂෙයික් සඳහන් කරන අන්දමට ඇය ඉතාම මිතරශීලියි. වාහන සමීපයටම පැමිණෙනවා. කිසිම බියක් නැහැ. ඒ නිසාම වන ජීවි ලෝලීන් විසින් කොලර්වාලි ‘‘මාතරම්’’ (ගෞරවණීය මාතාව) යන නමින් හඳුන්වා තිබෙනවා.
ඇය තාරකාවක් විය
ඇගේ අසාමාන්ය චරිත ස්වභාවය නිසාම බොහෝ සංචාරකයින්ගේ බලාපොරොත්තු කඩ වුණේ නැහැ. ඇය සහ පැටවුන් ඉතාම පහසුවෙන් වාර්තාකරණයට ගැනීමට වගේම කැමරා කාචයට හසු කර ගැනීමටත් පහසුවක් වුණා.
බීබීසී පුවත් සේවාව විසින් (BBC) වසර දෙකක් පුරා නිෂ්පාදනය කරන ලද ‘‘ස්පයි ඉන් ද ජන්ගල් ’’ වනජීවි වාර්තාමය වැඩසටහනේ ඇය තාරකාවක් වූවාය. ඒ නිසාම කොලර්වාලී ඉන්දියාවේ සුපරසිද්ධ ව්යාඝරයින් අතරට එක් වූවාය.
ඇගේ මනස්කාන්ත බව නිසාම බොහෝ දෙනා විසින් කොලර්වාලීගේ මව් පිය පාර්ශ්වයන් ගැන පවා විමසන්නට වූ බැව් ස්වභාව විද්යාඥ පරබීර් පටිල් සඳහන් කරයි.
ඇගේ පරතාපවත් බව කොච්චරද කියනවා නම් පිරිමි සතුන් පවා ඇයට බයයි. වෙනත් වන ව්යාඝර සංරක්ෂිතවලින් පැමිණෙන වනජීවි නිලධාරීන් පවා ඇය පිරිමි සතෙක් යැයි රැවටෙනවා. ඒ තරමටම පරතාපවත්.
වනජීවි ඡායාරූප ශිල්පියෙකු වන වරුන් තක්තර් සිය අතීතාවර්ජනය කරමින් කියා සිටින්නේ 2011 වසරේදී කොලර්වාලී සහ ඇගේ පස් නිවුන් දරුවන් පෙන්ච් ගං ඉවුරේ පිහිටි පර්වතයක් මත නිදා සිටින ඡායාරූපය තවමත් මගේ මනසේ චිතරනය වෙනවා. වසර එකොළහක් වුණත් ඇගේ ගාම්භීරත්වය මට අමතක නැහැ.
පසුගිය ජනවාරි 16 වැනිදා ඇය මියගියත් අපි වැලපෙන්නේ නැහැ. ඇගේ උරුමය අපි සමරනවා. සම්පූර්ණ සතුටුදායක ජීවිතයක් අවසන් කළ කොලර්වාලී අපේ හදවතේ නොමැකෙන මතකයක්. යැයි ස්වභාව විද්යාඥ මොහමඞ් රෆීක් ෂෙයික් සඳහන් කරයි.

පුන්යා චාන්දනී ද සිල්වා

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...