ශ්රී ලංකාව කියන්නේ හොද රටක් ඒ වගේම හොද මිනිස්සු ඉන්නේ, අපිට ලංකාවට එන්න කියලා රජයෙන් ආරාධනා කරනවා , එහෙම ආවම අපට අවශ්යි පහසුකම් කිසිවක් නොමැති බව ජර්මනියේ සිට ලංකාවේ සංචාරය සදහා පැමිණි කාන්තාවක් නුවරඑළියේදී පැවැසුවාය.
නුවරඑළියේ ඉන්ධන පිරවුම්හල ත්රි රෝද රථයකින් පැමිණි එම කාන්තාව මෙසේ පැවැසුවාය.
මම ලංකාවට ආවේ මිට දින කිහිපයකට කලින් කටුනායකින් කුලි පදනම මත ලබාගත් ත්රි රෝද රථයකින් තමයි ලංකාවේ ලස්සන තැන් බලන්න සැලසුම් කළේ.
මම නුවරළියට ආවේ (21) දින , මම (22) දින ඇල්ල ප්ර දේශයට යන්න තමයි ත්රි රෝද රථයෙන් ඉන්ධන පිරවුම්හල අසලට ආවේ හැබැයි මට ඇල්ලට යන්න පෙට්රල් ටිකක් ගන්න මෙම ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන නැ.
මම කටුනායක ඉදලම ත්රි රෝද රථයෙන් යන සැම ස්ථානයකම ත්රි රෝද රථයේ ප්ලාස්ටික් බෝතලයක් තියාගෙන ඉන්නවා පෙට්රල් තියෙන තැනකින් ගන්න.
දැනට ත්රි රෝද රථයේ තියෙන පෙට්රල් වලින් යන්න පුළුවන් උපරිම දුරක් යනවා“ යනුවෙන් ඇය පැවැසුවාය.
රංජිත් රාජපක්ෂ සහ ආර්.එෆ්.එම්.සුහෙල්

No comments:
Post a Comment