Sunday, 13 March 2022


තීන්දු ගැනීමට පරමාද වීම

අපේ රුපියල ගැන මහ බැංකුව ගත් අලූත් තීරණය නිසා මේ වන විට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අපේ රුපියල වේගයෙන් පිරිහෙමින් (අවපරමාණය වෙමින්) තිබේ. රබර් බෝලයක් ජලය යට දීර්ඝ වෙලාවක් අතින් රඳවාගෙන සිට එක්වරම අත ඉවත් කළහොත් වන්නේ කුමක්ද? ඒ රබර් බෝලය ඉතා වේගයෙන් ජලය මතුපිටට පැමිණීමයි. අපේ විනිමය අනුපාතය සම්බන්ධයෙන් ද දැන් එවැන්නක් සිදුව තිබේ. මේ නිසා යම් කාලයක් අපේ විනිමය අනුපාතය ස්ථාවර වීමට ගත වනු ඇත. ඒ කාලය ඉතා දුෂ්කර කාලයක් වීමට ඉඩ ඇති අතර බඩු මිල ගණන්වල තවදුරටත් ඉහළ යෑමක් ද සිදුවනු ඇත. දැනටමත් අයි ඕසී තෙල් මිල විශාල වැඩි කිරීමක් සිදු කර ඇත. මේ ලෝක තෙල් මිල ගණන් අනුව සහ විනිමය අනුපාතයේ පිරිහීම අනුව අපගේ තෙල් සංස්ථාවට ද තෙල් මිල වැඩි නොකර සිටීමට අපහසු වනු ඇත. තෙල් මිල වැඩි වීමත් සමග පරවාහන ගාස්තු වැඩි වී තවත් වටයකින් බඩු මිල ගණන් ඉහළ යෑම වැළැක්විය නොහැකිය. මේ නිසා ඉදිරි කාලය මිල පීඩනය තවත් වැඩිවන මහජනයාට වඩාත් දුෂ්කර කාලයක් වනු ඇත.
ඇත්ත වශයෙන්ම මීට බොහෝ කලකට පෙර සිටම අපේ විනිමය අනුපාතය කරමානුකූලව අවපරමාණය වීමට ඉඩ දුන්නා නම් අද මෙවැනි බලවත් අහිතකර විපාකවලට එකවර මුහුණ දීමට අපට සිදු නොවීමට ඉඩ තිබුණි. එහෙත් මේ රජය නිසි තීන්දු තීරණ අපරමාදව නිසි වෙලාවේ නොගන්නා බවක් පෙනෙන්නට තිබේ. පසුගිය සතියේ අත්යවශ්ය නොවන භාණ්ඩ සීමා කිරීමට පියවර ගත් අතර එයද මීට බොහෝ කලකට පෙර ගත යුතුව තිබූ තීන්දුවකි. මේ නිසා අපේ සීමිත විදේශ විනිමය සම්පත් බොහොමයක් අත්යවශ්ය නොවන දේ ආනයනයට වැය වීමෙන් අපේ විනිමය පීඩනය උගර වූ අතර අපට අත්යවශ්ය දේ පවා ගෙන්වා ගැනීමට විදේශ විනිමය සීමිත වීමෙන් මහජනයාට දිනපතාම පාහේ මේ විදේශ විනිමය හිඟයේ පීඩාවන්ට මුහුණ දීමට සිදුව තිබේ. තවමත් මහ මග ඉතා දිගු ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් දක්නට ඇති අතර රජය පරකාශ කළ පරිදි විදුලිය කප්පාදුව ද තවමත් අවසන්ව නැත. මේ තෙල් සහ විදුලි පරශ්නය ආර්ථික කටයුතුවලට බරපතළ අහිතකර බලපෑමක් ද ඇති කරමින් තිබේ.
රුපියල පා කිරීම
මේ පසුබිම තුළ මහ බැංකුව රුපියල ගැන ගත් අලූත් තීරණය ගැන අපි සාකච්ජා කරමු. මේ අනුව වහාම කරියාත්මක වන පරිදි, විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්යශීලීභාවයක් සහිතව ගනුදෙනු කිරීමට වෙළෙඳපොළට ඉඩ සලසනු ලබන බව පසුගිය මාර්තු 07 වැනිදා රාතරියේ ශරී ලංකා මහ බැංකුව නිල වශයෙන් පරකාශයට පත් කළේය. ඊට පෙර බොහෝ කාලයක් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රු. 203 ක මට්ටමේ ස්ථාවරව පවත්වාගෙන ගිය අතර මේ නිසා විදේශ විනිමය කළු කඩය විශාල වශයෙන් පරවර්ධනය විය. මහ බැංකුව පරකාශ කළ නිල විනිමය අනුපාතයට බැංකු කරමයෙන් මිලදී ගැනීමට විදේශ විනිමය නොමැති වූ අතර බොහෝ දෙනකුට සිදු වූයේ ආනයන අවශ්යතා සඳහා කළු කඩයෙන් වැඩි මිලට විදේශ විනිමය සපයා ගැනීමටයි. මේ පසුබිම තුළ ව්යාපාර පරජාවෙන් සහ කර්මාන්තකරුවන්ගෙන් මෙන්ම ඇතැම් ස්වාධීන අර්ථශාස්තරඥයන්ගෙන් රජයට සහ මහ බැංකුවට නිරන්තරයෙන්ම යෝජනා කළේ රුපියල මුළුමනින්ම හෝ කරමානුකූලව පාවීමට ඉඩ දෙන ලෙසයි. එනම් එහි අදහස වෙළෙඳපොල බලවේග අනුව එනම් රුපියලට ඇති ඉල්ලූම හා සැපයුම අනුව රුපියලේ අගය තීරණය වීමට ඉඩ දෙන ලෙසයි. එහෙත් දීර්ඝ කාලයක් ඒ තීන්දුව නොගෙන රුපියල ස්ථාවරව එකම අගයක පවත්වාගෙන යෑමට මහ බැංකුව කටයුතු කළේය. කෙසේ හෝ අවසානයේ බොහෝ පරමාද වී හෝ මහ බැංකුව රුපියල පාවීමට ඉඩ හැර තිබේ. ඒ සමගම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වන විට වේගයෙන් පිරිහීමට පටන් ගෙන ඇත. මෙවැනි තීරණයක් ගත් වහාම ක්ෂණිකව එවැනි දෙයක් වීම ස්වභාවික දෙයකි.
ඩොලරයේ අගය
රුපියල පා කිරීමට මහ බැංකුව තීරණය කළත් එය නිදහසේ පාවීමට ඉඩ දීමක් ද එසේත් නැතහොත් මහ බැංකුවේ යම් පාලනයක් ඇතිව පාලනය වීමට ඉඩ දීමක් ද යන්න තවමත් පැහැදිලි නැත. එහෙත් පරශ්නය තිබෙන්නේ එවැනි පාලනයක් කිරීමට මහ බැංකුවට මේ වන විට විදේශ සංචිත පරමාණවත් ලෙස නොමැති වීමයි. පසුගිය මාර්තු 07 වැනිදා මහ බැංකුව නිකුත් කළ නිල නිවේදනයේ සඳහන් වූයේ විදේශ විනිමය ගනුදෙනු ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ඒ අපේක්ෂාව ඉක්මවා මේ වන විටත් රුපියල පිරිහීමට ලක්ව තිබේ. මාර්තු 08 වැනිදා නිල විනිමය අනුපාත අගය අනුව ඩොලරයක විකුණුම් අගය රුපියල් 230 දක්වා රු.27 කින් ඉහළ ගියේය. එසේම මාර්තු 10 වැනිදා ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය රු.260 ක් දක්වා වර්ධනය වෙමින් ශරී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සැලකිය යුතු පිරිහීමකට ලක් විය. එනම් එක දිනක් තුළ පමණක් රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය රු. 30 කින් ඉහළ ගියේය. මාර්තු 10 දින වාණිජ බැංකු පරකාශයට පත් කළ විනිමය අනුපාතික සටහන්වලට අනුව ද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 260 ක් ලෙස සටහන්ව තිබිණි.
මෙතෙක් වාර්තා වූ ඇමෙරිකානු ඩොලරයක ඉහළම හුවමාරු අගයන් මේ දිනවල සටහන් වෙමින් තිබේ. මේ අනුව විදේශ විනිමය ගනුදෙනු ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි යන අපේක්ෂාව ඉටුවනු ඇතැයි සිතීම දුෂ්කරය. එය ඉටුවීමට නම් අපට වේගයෙන් විදේශ විනිමය ගලාගෙන ඒමක් සිදු විය යුතුය. කෙසේ වෙතත් දැනට ලැබෙන වැඩි අගය හමුවේ ඉදිරියේදී නිල මාර්ගවලින් විදේශ විනිමය ගලාඑනු ඇති අතර ඒ සඳහා කිසියම් කාල පමාවක් තිබේ.
රජයට පරතිපත්ති යෝජනාවලියක්
පසුගිය මාර්තු 04 වැනිදා පැවති මහ බැංකු මාධ්ය හමුවේදී මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා රජයට වහාම කරියාත්මක කිරීම සඳහා නව පරතිපත්ති මාලාවක් පරකාශයට පත් කළේය. එය කරුණු 08 කින් සමන්විත යෝජනාවලියකි. එම මාධ්ය හමුවේ දී කිසිවිටෙකත් විනිමය අනුපාතය සම්බන්ධව කිසිදු තීරණයක් පරකාශයට පත් නොකළ අතරම ඒ අනුව එදින මුදල් මණ්ඩල රැස්වීමේ රුපියල පා කිරීම ගැන තීන්දුවක් ගෙන නොතිබිණි. එසේම මාධ්යවේදීන් එම මාධ්ය හමුවේ දී රුපියල පා කිරීම ගැන විමසූ විට මහ බැංකු අධිපතිවරයා කීවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය තවමත් එවැනි තීන්දුවක් ගෙන නැති බවය. එහෙත් ඊට දින දෙකකට පසු මාර්තු 07 වැනිදා රාතරීයේ මහ බැංකුව විනිමය අනුපාතය ගැන හදිසියේම තීන්දුවක් පරකාශයට පත් කළේය. ඒ විනිමය අනුපාතයේ ඉහළ නම්යශීලී බවක් සඳහා ඉඩ හැරීමටය. පසුගිය මාර්තු 03 වැනිදා මුදල් මණ්ඩල රැස්වීමේ දී එම තීරණය ගත්තා නම් එම තීරණය එදින රාතරියේ සිටම කරියාත්මක කළ හැකිව තිබිණි. කෙසේ හෝ පරධාන මුදල් මණ්ඩල රැස්වීමක් පවත්වා එහි තීන්දු තීරණ පවා පරකාශයට පත්කර ඊට දින දෙකකට පසුව මුදල් මණ්ඩලයට මේ තීරණය ගැනීමට පහළ වූ අලූත් ඥානය කුමක් ද යන්න අපට පැහැදිලි නැත. අපට දැනගන්නට ඇති පරිදි මේ අලූත් තීරණය ගෙන ඇත්තේ මාර්තු 07 වැනිදා පැවති හදිසි මුදල් මණ්ඩල රැස්වීමකදීය. ඒ නිසා මෙය බොහෝදුරට රජයේ තීරණයක් විය හැකිය. දැන් විනිමය අනුපාතය ගැන මහ බැංකුව ගත් මේ අලූත් තීරණය ගැන මුළු රටේම කතාබහට ලක් වෙමින් තිබේ.
අභියෝගවලට මුහුණ දීම
මහ බැංකු මුදල් මණ්ඩලය විසින් පසුගිය මාර්තු 03 වැනිදා ගත් ස්ථාවරය මහ බැංකුවේ නවතම මුදල් පරතිපත්ති විවරණ වාර්තාවේ මෙසේ සදහන් වේ.
‘‘බාහිර කම්පනවල දැඩි බව සහ දේශීය ආර්ථිකයේ මෑත කාලීන පරවණතා සැලකිල්ලට ගනිමින්, එවැනි ආර්ථික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සාම්පරදායික සහ සාම්පරදායික නොවන කරියාමාර්ග ඇතුළත් පරතිපත්ති මාලාවක් සහ සමස්ත ආර්ථිකයට බලපානු ලබන අනෙකුත් කරියාමාර්ග අත්යවශ්ය බව මුදල් මණ්ඩලයේ අදහස විය.’’
මේ අනුව මහ බැංකුවේ මුදල් පරතිපත්තිය තවදුරත් දැඩි කරමින් මහ බැංකුව සිය පරතිපත්තිමය පොලී අනුපාත වැඩි කර ඇත. මේ පොලී අනුපාත ආර්ථිකයේ වෙළෙඳපොළ පොලී අනුපාතවලට බලපාන පරධානම පොලී අනුපාතයන්ය. මේ අනුව ඉදිරියේ දී බැංකු සහ මූල්ය ආයතනවල පොලී අනුපාතවල ද වැඩි වීමක් සිදුවනු ඇත. ඒ අනුව මහ බැංකුව සිය පරතිපත්තිමය පොලී අනුපාත පදනම් අංක සියයකින් එනම් සියයට එකකින් වැඩි කරන ලද අතර ඇතැම් පොලී අනුපාතවල උපරිම සීමා වැඩි කිරීමට ද කරියා කළේය. එනම් මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 මාර්තු මස 03 වැනි දින පැවති රැස්වීමේදී ශරී ලංකා මහ බැංකුවේ නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 බැගින් පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 දක්වා ඉහළ නංවන ලදී. එසේම පොලී අනුපාතික මත පනවා ඇති උපරිම සීමා, එනම් ණය කාඞ්පත් මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 20 දක්වාද, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 18 දක්වා සහ උකස් පහසුකම් මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 12 දක්වා ද ඉහළ නැංවීමට කරියා කළේය. මීට පෙර මෙම උපරිම පොලී අනුපාත පැවතියේ මීට වඩා සියයට දෙකක් අඩුවෙනි.
රුපියල රැක ගැනීම
බොහෝ කලක සිට ඇතැම් ස්වාධීන අර්ථශාස්තරඥයන් මෙන්ම ව්යාපාරික පරජාවේ සාමාජිකයන් ද රජයට පරකාශ කළේ මහ බැංකුව ඩොලරයක අගය කෘතීම ලෙස රු.203 ක මට්ටමේ පවත්වාගෙන යෑමෙන් ඉවත් වී රුපියල කරමයෙන් පාවීමට ඉඩ සැලසිය යුතු බවයි. එහෙත් මහ බැංකුව දීර්ඝ කාලයක් එවැනි දෙයක් නොකළ අතර දිගින් දිගටම ඩොලරයක අගය කෘතීම ලෙස රු. 203 ක මට්ටමේම පවත්වාගෙන ගියේය. එහෙත් ඒ මිලට බැංකුවලින් ඩොලර් ගැනීමට නොමැති විය. ව්යාපාරික පරජාවට පවා බැංකු හරහා විදේශ විනිමය ලබාගත නොහැකි විය. මේ නිසා පිළිගත් විශාල ව්යාපාරිකයන්ට පවා අවිධිමත් මාර්ගවලින් වැඩි මිලට ඩොලර් සපයා ගැනීමට සිදු විය. ඉන්ධන සහ ගෑස් ලබා ගැනීමට ද අවශ්ය විදේශ විනිමය සපයා ගැනීමට නොහැකි විය. මේ සඳහා රජයට සහ මහ බැංකුවට මැදිහත් වී ඩොලර් සැපයීමට පවා සිදු විය. මේ නිසා ආපනශාලා සහ බේකරි විශාල පරමාණයක් දැනටමත් තාවකාලිකව වැඩ කිරීමට නොහැකිව වැසී ගොස් ඇති අතර නිවෙස්වල ද ආහාර පිස ගැනීම විශාල ගැටලූවක් වී තිබේ.
ඩොලර් ඉපයීම
රුපියල් අච්චු ගැසුවත් අපට ඩොලර් අච්චු ගැසිය නොහැකිය. මහ බැංකුවට ඩොලර් මැවීමට ද නොහැකිය. කළ හැක්කේ නිසි පරතිපත්ති කරියාමාර්ග අනුගමනය කිරීමෙන් රටට ලැබෙන විදේශ විනිමය ඉපයුම් වැඩි කර ගැනීම සහ විදේශ විනිමය සම්පත් ඉතුරු කර ගැනීමයි. නැතහොත් විදේශ විනිමයෙන් ණය ගැනීමට සිදු වේ. මෙතෙක් විදේශ විනිමය පේරෂණ විශාල වශයෙන් අඩු වීමට මූලික හේතුවක් වූයේ එම ශරමිකයන්ගේ විදේශ විනිමය සඳහා නිසි අගයක් ඔවුන්ට නොලැබීමයි. ඒ නිසා හවාලා සහ උන්ඩියල් වැනි කරමවලට විදෙස්ගත ශරමිකයන් වැඩි වශයෙන් යොමු විය. දැන් ඒ කරමවලට හුරු වූ විදේශ ශරමිකයන් නැවත නිල මාර්ගවලට ගැනීමට ද පරිශරමයක් දැරීමට සිදුවනු ඇත. විදේශ ශරමිකයන් එවන ඇමෙරිකානු ඩොලරයක් සඳහා වැඩිපුර රු.20 ක මුදලක් ලබා දෙන බව මුදල් අමාත්යාංශය පවසයි. මේ නිසා දැන් අපේ විදෙස්ගත සේවක පරජාවට බැංකු කරමය හරහා මෙරටට තම පේරෂණ එවීමට අවශ්ය වාතාවරණය සකස් වී ඇත. අපත් ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබලා මීළඟට එවන මුදල් නිල මාර්ග ඔස්සේම එවන ලෙසයි. එය මේ අමාරු වෙලාවේ රටට කරන උදව්වකි. මේ අනුව අප නම් සිතන්නේ ඩොලර් මැවිය නොහැකි වුවත් නිසි පරතිපත්තිමය කරියමාර්ග මගින් රටට වැඩියෙන් ඩොලර් උපයා ගැනීමට සහ ඩොලර් වියදම් අවම කර ගැනීමට හැකිවන බවයි. කෙටිකාලීනව දුෂ්කර තත්ත්වයක් උදාවන නමුත් ඒ සඳහා රුපියල පා කිරීම ද හේතුවක් වනු ඇත.
විනිමය පීඩනය
විනිමය අනුපාතය කෘතීම ලෙස දිගු කලක් පවත්වාගෙන ගිය නිසාත් රටට ලැබුණු විදේශ මුදල් අඩු වීම නිසාත් එසේම ආනයන වියදම් වැඩි වූ නිසාත් රට මුහුණ දී සිටි විනිමය පීඩනය වඩාත් උගර තත්ත්වයට පත්විය. මේ නිසා අප සිතන්නේ අපේ රුපියලේ අගය දිගුකාලීනව රැකගත හැක්කේත් එය තවත් ශක්තිමත් කරගත හැකි වන්නේත් අපේ විදේශ විනිමය ලැබීම් තිරසාර ලෙස වර්ධනය කර ගැනීමෙන් සහ විදේශ විනිමය වියදම් අවම කර ගැනීමෙන් බවයි. රුපියල සැබෑ ලෙස ශක්තිමත් කරගත හැක්කේ එලෙසය. දැන් රුපියල පා කිරීමෙන් පසු විනිමය අනුපාතය කිසියම් අගයක ස්ථාවර වනු ඇත. ඒ සඳහා යම් කාලයක් ගත වේ. එතෙක් කාලය මිල පීඩනය තවත් උගර වන ඉතා දුෂ්කර කාලයක් වනු ඇති බව නම් කීමට සිදු වේ. එහෙත් ඉන් පසුව විනිමය අනුපාතයේ විශාල උච්චාවචන (ඉහළ සහ පහළ යාම්) සිදුවන අවස්ථාවල දී විනිමය අනුපාත ස්ථාවරත්වය රැක ගැනීම සඳහා තාවකාලිකව ශරී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට මැදිහත් වී රුපියල රැක ගැනීමේ කරියාමාර්ග ගැනීමේ වරදක් නැත. එහිදී වෙළෙඳපොළ බලවේග අනුව රුපියලේ අගය අඩු වීම මෙන්ම වැඩියෙන් විදේශ මුදල් රටට එනවා නම් රුපියල ශක්තිමත් වීම ද සිදුවනු ඇත. එකම අගයක රුපියල තියා ගන්නේ නැතුව කිසියම් පාලිත පාවීමකට විනිමය අනුපාතය යොමු කිරීමෙන් විනිමය අනුපාත ස්ථාවරත්වය ද රැකගත හැකිවනු ඇත. එනම් රුපියල පාවීමට ඉඩ හරින අතරම (රුපියලේ අගය වෙළෙඳපොළ බලවේග අනුව තීරණය වීමට ඉඩ සලසන අතරම) විනිමය අනුපාතයේ විශාල උච්චාවචන වලදී මහ බැංකුව මැදිහත් වී විනිමය අනුපාතය ස්ථාවර කර ගැනීමයි. මහ බැංකුවේ නිල නිවේදනයේ ‘විදේශ විනිමය ගනුදෙනු ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 230 කට නොවැඩි මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි’ යන්න සඳහන් වුවත් රුපියල ඉදිරියේ කවර අගයක ස්ථාවර වනු ඇති ද යන්න ස්ථිරව කීමට අපහසුය. එය අපගේ අනාගත විදේශ විනිමය ලැබීම් සහ ගෙවීම් පරමාණයන් මත ද තීරණය වේ. දිගු කලක් විදේශ විනිමය හිඟයේ පරතිවිපාක මහජනතාවට දෛනිකව විඳීමට සිදුව ඇති නිසා රජය සහ මහ බැංකුව වහාම මේ විදේශ විනිමය හිඟය විසඳීමට එක පරතිපත්තියක සිට පියවර ගත යුතුව තිබේ. එසේ නැතහොත් ජනයා තවත් පීඩාවට පත්වනු ඇත. එසේම ජනාධිපතිවරයා පත් කර ඇති ආර්ථික සභාව ද තවත් විධිමත් කර ගනිමින් මේ සඳහා කඩිනමින් කරියා කරනු ඇතැයි අපි සිතමු.

ශ්යාම් නුවන් ගනේවත්ත

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...