Sunday, 13 March 2022


රජය විසින් රුපියල පා කරනු ලැබ ඇත. මහ බැංකුවේ හිටපු නියෝජ්ය අධිපතිවරයා වූද අර්ථ ශාස්තරඥයකු වූද ඩබ්ලිව්. ඒ. විජේවර්ධන කියන පරිදි ආණ්ඩුව මේ තීරණය 2020 මුලදීවත් ගත්තේ නම් මේ රටේ විදේශ සංචිතයට අඩුම ගණනේ ඩොලර් බිලියන 5 ක් වත් ඉතිරි කර ගැනීමට ලැබෙන්නේය. මහ බැංකුව පසුගිය කාලයේදී ඩොලරයක මිල රුපියල් 203 ක කෘතරිම මට්ටමක තබාගෙන සිටියේය. ඒ අතර මහ බැංකුවෙන් ව්යාපාර කටයුතු සඳහා ඔවුන්ට ඩොලර් ලැබුණේද නැත. ඒ අනුව කළු කඩෙන් ඩොලරය රුපියල් 260 ක මිලකට ලබාගෙන භාණ්ඩ ආනයනය කිරීමට ව්යාපාරිකයන්ට සිදුවූ බවද එහි පරතිඵලය වූයේ රටින්

ගෙන්වන බඩුවල මිල අසීමාන්තික ඉහළ යෑම බවද මහ බැංකුවේ නියෝජ්ය අධිපති විජේවර්ධන මහතා පවසා තිබිණ. රුපියල පා කිරීම යනු වැඩි දෙනාට නොතේරෙන ආර්ථික පරහේලිකාවකි. මෙහිදී සිදුවන්නේ රුපියලේ අගය රාජ්ය විසින් තීරණය කරනු වෙනුවට නිදහස් වෙළෙඳ පොළ මගින් තීරණය කිරීමය. සමාජවාදී රාජ්යවලට මේ කරමය නොගැළපේ. මෙය නිතරම හරියන්නේ ධනවාදී ආර්ථික මෙහෙයුම් තිබෙන රටවලට පමණි.
රී ලංකාවේ ජනයා රුපියල පා කිරීම පිළිබඳව පළමුවන කෙසේ වෙතත් පරසිද්ධ අත්දැකීම ලබන්නේ 1970 – 1977 අතර බලයේ සිටි සමගි පෙරමුණු ආණ්ඩු කාලය තුළදීය. මෙහිදී රුපියලේ අගය අරික් කාලකින් හෙවත් අටෙන් එකකින් අඩු කරන ලදී. එම ආණ්ඩුව අරික් කාල යන වචනයට අලූක් කාල යන්න යොදනු ලැබීය. එහිදී සිදුවූයේ ආණ්ඩුවේ පාලනය යටතේ ආණ්ඩුවට අවශ්ය පරමාණයට රුපියල පා කිරීමය. මෙවර සිදුවී ඇත්තේ රුපියලට අභිමත පරිදි පාවීමට ඉඩ හැර එමගින් ඇමරිකානු ඩොලරය සමග ගැටෙන්නට රුපියලට ඉඩ හැරීමය.
රුපියල පා කිරීමේ වාසි කීපයක් මෙසේය.
අපනයනවලට වැඩි මුදලක් ලැබීම.
පිටරටින් ගෙන්වන බඩු වලට වැඩි මුදලක් ගෙවීමට සිදුවීම නිසා එසේ බඩු ගෙන්වීමෙන් වැළකී සිටීම.
විදේශ ශරමිකයන් එවන මුදල් වලට වැඩි රුපියල් අගයක් ලැබීම.
විදේශ ශරමිකයන් ඩොලරයට වැඩි මිලක් ලබා ගැනීම සඳහා හවාලා සහ උන්ඩියල් වැනි අවිධිමත් කරමවලට නොගොස් බැංකු පද්ධතිය හරහා සිය විදේශ මුදල් මෙරටට එවීමට පෙළඹීම.
අපනයනකරුවන් තම අපනයන ආදායම හැකි තරම් ඉක්මනට රට තුළට ගෙන ඒම.
ඉහත සියල්ලම සිදුවන්නේ රුපියල පා කිරීම මගින් මිනිසා අතට සල්ලි වැඩිපුර ලැබෙන හෙයිනි. භූමිය, ශරමය, ව්යවසාය,
රාග්ධනය යන පරධාන නිෂ්පාදන සාධක පුද්ගලික අයිතියට නතුවූ සමාජවාදී නොවන සමාජයක් තුළ සිටින මිනිසාට හැම විටෙකම හැම දෙයක් සඳහා ම මුදල් වැඩි වැඩියෙන් අවශ්යය. මේ නිසා රුපියල පා කිරීම තුළින් ඩොලරයට ලැබෙන රුපියල් ගණන වැඩිවීමත් සමගම මිනිස්සු ආර්ථික වශයෙන් සතුටට පත්වෙති. රුපියල පා කිරීමේ අවාසි කිහිපයක් ද ඇත. ඒවා මෙසේය;
ආනයන වියදම් වැඩිවීම.
ආනයන වියදම් වැඩිවීම හරහා දේශීය භාණ්ඩවල
මිල ගණන් ඉහළ යාම.
විදේශ ණයවල රුපියල් වටිනාකම වැඩිවීම.
කිසියම් ආකාරයක අවාසි තිබුණද මේ මොහොතේදී අප පෙළන ආර්ථික අර්බුදයට තාවකාලික පිළියමක් ලෙස රුපියල පා කිරීම ගලපාගත හැකිය. ඇමරිකානු ඩොලරය, යුරෝපයේ පාවිච්චි කරන යූරෝ මුදල් ඒකකය, ස්විට්සර්ලන්තයේ ෆරෑන්ක් මුදල් ඒකකය, ඉන්දියන් රුපියල, ස්ටර්ලින් පවුම, ජපානයේ යෙන් මුදල් ඒකකය, ඔස්ටේරලියන් ඩොලරය යන සියල්ලම පා වීමට ඉඩ හරින ලද මුදල්ය. මේ මුදල් සියල්ලේම වටිනාකම තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොල නමැති සාධකයයි. ඉහත සඳහන් මුදල් ඒකක පරිහරණය කෙරෙන රටවල් සියල්ලම ඉතා ශක්තිමත් ආර්ථිකයන් ඇති රටවල්ය. ශරී ලංකාව වැනි වැලේ වැල් නැති දුර්වල ආර්ථිකයකටද රුපියල පා කිරීම තුළින් ලබාගත හැකි වාසි පිළිබඳව මේ මොහොතේදී මේ රටේ ජනතාව අත්දැකීමක් ලබා ගැනීමට සූදානමින් සිටිති. කෙසේ වුවද රුපියල පා කිරීම තුළින් භාණ්ඩ මිල ඉහළ යන විට මේ රටේ ජනතාවද පා වීමට ඉඩ තිබේ. ඒ තත්ත්වය ඇති නොවී ජනතාව තවදුරටත් ආර්ථික මහ පොළවේ තබා ගැනීමේ කරමවේදයක් ආණ්ඩුව විසින් සොයා බැලිය යුතුය. මේ මොහොතේදී අපට එල්ලෙන්නට වැල් නැත. වැල් තිබුණත් එම වැල් ගැනීමට සල්ලි නැත. ආණ්ඩුව කළ යුත්තේ හැකි සෑම සංශෝධනයක්ම හඳුන්වා දී ආර්ථිකය රැක ගැනීමය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...