Wednesday, 16 March 2022


පුරාවිද්යා දෙපාර්තමේන්තුව යටතේ පවත්වාගෙන යන මහනුවර පැරණි රජ මාළිගා සංකීර්ණය ඇමරිකානු රජයේ ආධාර යටතේ ප්රතිසංස්කරණය කිරීමට කටයුතු යොදා තිබේ .

ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂ පන්දහසක මුදලක් වැය වන අතර ඇමරිකානු රජය මගින් එම මුදල ශ්රී ලංකා වෙත මේ වන විට පිරිනමා තිබෙන අතර එම ප්රතිසංස්කරණ ව්යාපෘතිය ආරම්භ කිරීම ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියගේ ප්රධානත්වයෙන් (15) පෙරවරුවේ දළඳා මාළිගා සංකීර්ණයේ දී සිදුවිය .
ශ්රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සහ පුරාවිද්යා දෙපාර්තමේන්තුව අතර ඇති කර ගන්නා ලද හවුල් ගිවිසුමකට අනුව පැරණි රජ මාළිගා සංකීර්ණය සංරක්ෂණය කිරීමට සමගාමීව එහි ඇති කෞතුකාගාර අභිවෘද්ධි ව්යාපෘතියක් ද ක්රියාත්මක කිරීමට සැලසුම් කොට තිබේ.
එහි ප්රතිසංස්කරණ කටයුතු සියල්ල පුරාවිද්යා දෙපාර්තමේන්තු අධීක්ෂණය මත සිදු වීමට නියමිතය .

ෂේන් සෙනෙවිරත්න

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...