Wednesday, 16 March 2022


සීගිරියේ විදේශීය සංචාරකයන් පැමිණීම යම් මට්ටමකින් ආරම්භ වීමත් සමග රජය කරත්ත වලින් හා දැන්වීම් පුවරු වලින් බද්දක් අය කිරීමට ගෙන ඇති තීරණය නිසා සීගිරියේ සංචාරක කර්මාන්තය නැවත වරක් අඩපණ වීමේ අවදානමක් පවතින බව සෆාරි සංචාරක ක්ෂේත්රයේ නියෝජිතයෝ පවසති.

දඹුල්ල ප්රාදේශීය සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මෙම බදු මුදල් අය කිරීමේ සැලසුම ක්රියාත්මක කර තිබෙන බවද ඔවුහු පවසති.
මේ දිනවල දඹුල්ල ප්රාදේශීය සභාව මඟින් කරත්ත සෆාරි පත්වාගෙන යන ආයතන වලට දැනුම් දී ඇත්තේ එක් කරත්තයක් සඳහා රුපියල් 3000ක බදු මුදලක් අය කරන්නට යන බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ සීගිරියේ ප්රධාන මාර්ගයේ සවික කොට ඇති දැන්වීම් පුවරු වලට ඉහල තක්සේරුවක් කරගෙන යන බවය .
වසර දෙක හමාරකට අධික කාලයක් කිසිදු ආදායමක් නොමැතිව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටි කරත්ත හා ඔරු,අලි සෆාරිකරුවන් සිටින්නේ විදේශීය සංචාරකයන් කිහිපදෙනෙකු මෙරටට පැමිණීමත් සමඟ විනාස වී ගිය කරත්ත අලුත්වැඩියා කොට මෙම ව්යාපෘතිය ආරම්භ කළ බවය
කිසිදු දවසක අය නොකරන ලද බදු මුදලක් අය කිරීම රජය ගෙන ඇති තීරණය නිසා නැවත වරක් සංචාරක කර්මාන්තය දැඩි අවදානමකට ලක්වන බව කරත්ත සහ ඔරු සෆාරි හිමියෝ චෝදනා කරති.
සීගිරිය නැරඹීමට සඳහා එන විදේශීය සංචාරකයන් දින කිහිපයක් සීගිරියේ නවත්වා ගෙන ඔවුන් ගෙන එන මුදල් මෙරටට වියදම් කරවීම ව්යාපෘතියක් ලෙස ප්රදේශයේ ජනතාවගේ ආර්ථිකය ගොඩනැගීම සඳහා ප්රදේශ්යේ ජනතාව විසින්ම ඔරු සෆාරි, කරත්ත සෆාරි, ජීප් සෆාරි , මෙන්ම අලි සෆාරි ආදී විවිධ ව්යාපෘති ආරම්භ කළ බව ඔවුහු පෙන්වා දෙති.
රජය හෝ ප්රාදේශීය සභාව හෝ කිසිදු සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ ආයතන මෙවැනි ව්යාපෘති හඳුන්වා නොදුන් බවද පවසන ඔවුන් කියා සිටින්නේ රජය අපහසුතාවයට පත් කිරීම සඳහා මේ මොහොතේ රජයේ නිලධාරීන් ගන්නා ක්රියා මාර්ගය දැඩි ලෙස හෙළා දකින බව ය.
සංචාරකයන්ගෙන් කරත්ත සෆාරියක් සඳහා තම ආයතනයට හිමිවන්නේ එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 1000ක මුදලක් බවත් අනෙක් සියලු මුදල් සංචාරකයන් රැගෙන එන රියදුරන්ට සහ මග පෙන්වන්නන් ට ලබාදෙන බවද පෙන්වා දෙන කරත්ත සෆාරි හිමියන් කියා සිටියේ කරත්ත එකකට රුපියල් 3000ක මුදලක් අය කිරීම් සිදුකළ හොත් මෙම ආයතන පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...