Monday, 21 March 2022


නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම් හලේ පෙට්රල් පෝලිමේ ඇති වී යැයි කියන බහින් බස්වීමක් අවසානයේ පිහියකින් ඇනීම හේතුවෙන් බරපතල තුවාල සහිතව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කොට සිටි විසි නම හැවිරිදි තරුණයෙකු මිය ගොස් ඇති බව නිට්ටඹුව පොලීසිය පවසයි.

එසේ මිය ගොස් ඇත්තේ ධීවර කාර්මිකයෙකු වන දෙමටගොඩ පදිංචිව සිටි තුවාන් තාජුඩීන් (29) නැමැත්තෙකි.
මිය ගොස් ඇති තැනැත්තා යතුරු පැදියට පෙට්රල් ලබා ගැනීම සඳහා පෙට්රල් පෝලිමේ ඊයේ (20) රාත්රී 8.30 ට පමණ සිටියදී පෝලිමෙන් පිට පැමිණි ත්රිරෝද රථයක රියදුරා සමග බහින් බස් වීමක් සිදු වී ඇති බවට මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇති බවද පොලීසිය කීය.
එම බහින් බස් වීමෙන් අනතුරුව ත්රිරෝද රියදුරා ත්රිරෝද රථයද රැගෙන ගොස් පිරවුම් හල ආසන්නයේ කොළඹ මහනුවර ප්රධාන මාර්ගයේ නවතා ගෙන සිට ඇති බවත් මිය ගොස් ඇති තැනැත්තා පෙට්රල් ලබා ගෙන පිටතට පැමිණීමත් සමග ඔහුට පිහියකින් ඇන පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලීසිය කියා සිටියේය.
පිහි ප්රහාරයෙන් බරපතල තුවාල සහිතව යතුරු පැදියත් සමග වැටී සිටි එම තැනැත්තා වාහනයකින් වතුපිටිවල රෝහලට රැගෙන ගොස් ඇතුළත් කොට සිටියදී පැයකට පමණ පසුව මිය ගොස් ඇති බවද කියති.
පිහි ප්රහාරය එල්ල කොට පලා ගිය ත්රිරෝද රථ රියදුරා නිට්ටඹුවට යාබද ප්රදේශයක පදිංචි කරුවෙකු බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු අත් අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යන බවද පොලීසිය කියා සිටියේය.


ආනන්ද ඉ ජයකොඩි

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...