මහ බැංකු අධිපති ගැන නම් කතා කරල වැඩක් නෑ. මහ බැංකු අධිපති ඉන්නෙ සල්ලි අච්චු ගහන්න විතරක් නම් ඔය තනතුර රජයේ මුද්රණාලයාධිපතිට දුන්නත් කරයි.
ඕනම ව්යාපෘතියකට අදාල යෝජනා සහ වගවීම් සියල්ල දෙපර්ශවය අතරේම හුවමාරු කිරීම සාමාන්ය දෙයක්.
Draft copy එකක් නැත්නම් කටු සටහනක් දෙපැත්තට ආවම දෙගොල්ලෝ එක මේසෙක ඉඳන් සාකච්ඡා කරලා තීන්දු තීරණ අරන් තමයි අවසන් කෙටුම්පත හදන්නෙ.
ඒ කෙටුම්පත හදලා දෙපාර්ශවයම අත්සන් කළාට පස්සෙ ඒකට සංශෝධන ගේන්න බෑ.
තිස්ස ජනනායක ඇඳල පෙන්නුව ඇමෙරිකන් කොරිඩෝව හරි ඊට එහා දෙයක් හරි දෙන්ඩ දැන් පොරොන්දු වෙලා ඇති.
අන්තිමේ තනි සිංහල ආණ්ඩුවත් ලෙෆ්ට්, නූතන දුටුගැමුණු සේ ජනතාවගේ ආදරය මැද ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත් ලෙෆ්ට්.
අනිවාර්යයෙන්ම ජනාධිපති අගමැතිටත් හොරෙන්ම ugly man රට විකුණලා ඇති හතර අතට. ඉන්දියාව අවුරුදු කන්න ඩොලර් දෙන්නෙත් නිකම් නෙවී. චීනෙන් බිලියන දෙකහමාරක් දෙනව කියන්නේ වෙසක් එකට පිනට නෙවී. අනිවාර්යයෙන් අතන මෙතන එතන සේරම විකුණලා ඇති.
ජනාධිපති තුමනි මෙහෙම ගියොත් නම් ළඟදීම දවසක ඔබතුමාට ඔය විදියටම රටේ මහ ජනතාවගෙන් වැඳලා සමාව ගන්න වෙයි දැන්ම මේ ගැන විමසිල්ලෙන් හිටියෙ නැත්නම්.

No comments:
Post a Comment