Thursday, 10 March 2022


ඔස්ට්රේලියානු හිටපු ක්රිකට් ක්රීඩක ෂේන් වෝන් හෘදයාබාධයකින් මිය යාමට මොහොතකට පෙර ඔහු නැවතී සිටි සුඛෝපභෝගී තායිලන්ත නිවාඩු නිකේතනයේ සතුටින් සහ සැහැල්ලුවෙන් සිටින ආකාරයේ ඡායාරූපයක් ප්රසිද්ධියට පත් කර තිබේ.

52 හැවිරිදි වෝන්, නිවාඩු නිකේතනයේ ලොබිය හරහා ඇවිද යන අවසන් පියවර සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව ඇත්තේ ඔහු තම ප්රියතම ඇඳුම් මසන්නාගෙන් අලුත් කමිසයක් රැගෙන යමින්සිටින ආකාරයයි.
වෝන් කළු කොට කලිසමකින්, සුදු ටී ෂර්ටයකින් සහ තොප්පියකින් සැරසී සිටින ආකාරය එහි දක්නට ලැබේ.
ඔහු සිය ව්යාපාරික කළමනාකරු ඇන්ඩෲ නියෝෆිටෝ සහ මිතුරන් තිදෙනෙකු සමඟ කාලය ගත කර පස්වරු 1.30ට පමණ නිකේතනය වෙත ආපසු යන විට වෝන්, සැහැල්ලුවෙන් සිටින බවක් පෙනෙන්නට ඇතැයි foxsports වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
වෝන් නිවාඩු නිකේතනයෙන් පිටතට ගොස් පැයකට ආසන්න කාලයක් බ්රයෝනි ටේලර් හි ගත කර ඇති බව විශ්වාස කෙරෙන අතර එහිදී ඔහු නව ඇඳුම් කට්ටලය ලබාගෙන ඇත.
කෙසේ නමුත් ඉන් පැය කිහිපයකට පසු සවස 5.15 ට, වෝන් සිය කාමරයේ ඇඳ මත මුහුණ පහත් කර ප්රතිචාර නොදක්වන සිටින අවස්ථාවේ දී සොයා ගෙන තිබුනි.
ඔහුගේ මරණයට පෙර සති කිහිපය තුළ හෘදයාබාධ සහ ඇදුම රෝගයෙන් පෙළුණු බව වෝන්ගේ පවුලේ ඥාතීන් හෙළි කර ඇති අතර දින 14 ක දියර පමණක් වූ ආහාර වේලක් ද සම්පූර්ණ කර ඇතැයි සදහන් වේ.
ෂේන් වෝන්ගේ නිල අවමංගල්යෝත්සවය මාර්තු 30 වනදා පැවැත්වීමට නියමිතය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...