ඔබේ බැංකු පොතේ පසුගිය සතියේ තිබූ මුදල රුපියල් මිළියනයකි. (එවකට ඩොලරය රුපියල් 203. 00 ක් වූ අතර මිළියනයකට ආසන්න වශයෙන් ඔබට ඩොලර් 5000 ක් ) ලබාගැනීමට ඉඩක් තිබිණි.
නමුත් අද ඒ රුපියල් මිළියනයට ඔබට මිළදී ගත හැක්කේ ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 4000 ක මුදලකි.
වෙනස යනු එයමය.
එක රැයකින් ඔබට ඩොලර් දහසක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් දෙලක්ෂ පණස් දහසක් අහිමි වී ඇත.
රුපියල අවප්රමාණය වීමේ ප්රතිවිපාකය එයයි.
නමුත් මෙහි වාසි දායක පැත්ත වන්නේ, වැඩි ගණනට හෝ ඩොලර් මිළදී ගෙන ඒවා එක් රැස් කරගෙන සිටි ව්යාපාරිකයින්ට සහ උන්ඩියල් කරුවන්ට මේ ප්රතිලාභය අනිත් අතට ලැබීමය.
මුල සිටම ඩොලරයට පාවීමට ඉඩ හැර මුදල් අච්චු ගැසීමෙන් වැළකී හිටියා නම් මෙවන් විපතක් මෙසේ සිදු නොවෙනු ඇත.
සත්යය නම් ආණ්ඩුවට වඩා මුදල් සංචිත සීමිත ව්යාපාරිකයින් කිහිප දෙනෙකු අතර තිබීමයි.
ආණ්ඩුවවේ සුපිරි වැඩ කරු මොළ හතාණෝට වඩා ආර්ථික දැක්මක් හෙට්ටි වීදියේ හෙට්ටි මුදලාලි සතුව තිබීමයි.
එයින් මෙයින් සිදු වූයේ අසරණ ශ්රී ලාංකිකයින්ට සිය ඇඳිවත පවා අහිමි වීම පමණකි.
මුන්ට යන්නට වෙන අපායක් නැත.
ඒත් තවමත් මේ පවුල් පාලනයට ප්රශස්ති ගයන මී හරක් අප අතරේද ඇත.
නිහඬව සිටින උගතුන් රටට කරන්නේද එවැනිම අපරාධයකි.
ඔවුන් නිහඬව සිටිනතාක් කල් ඥාණක්කාගේ පිරිවර රටේ මිනිසුන් වශී කරගෙන සිටිනු ඇත. උන් හෙළිකොප්ටර් වල නැගී රට පුරා රවුම් ගහන අතර බදු ගෙවන අසරණයන් අපා දුක් විඳිනු ඇත.
No comments:
Post a Comment