Friday, 11 March 2022


මාතලේ මහවෙල් පොලිස් බල ප්ර දේශයට අයත් අඹන් ගග හරහා ඉදිව ඇති ප්රධාන පාලම ආසන්නයෙන් දිය නෑමට ගිය තැනැත්තියන් සිවි දෙනෙකුගෙන් තිදෙනෙක් දිවි බේරාගෙන එක් තැනැත්තියක අතුරුදන් වී ඇතැයි මහවෙල පොලිසිය කියයි.

මඩවල ප්රඑදේශයේ ඥාති නිවසකට පැමිණි පිරිසෙන් සිවි දෙනෙකු අඹන් ගග බැස ඇති බවත් බෝවතැන්න ජලාශයේ ජලය හවස් වරුවේ අඹන් ගගට මුදා හැරිමත් සමග පිරිස ජලයේ ගසා ගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි.
පසුව ජලය ගලා ඒමත් සමග දිය නාමින් සිටි පිරිස දියේ ගසාගෙන ගොස් ඇති අතර අවට සිටි අසල් වාසින් ඔවුන් බේරා ගැනිමට කටයුතු කර තිබේ.
දිය නැ පිරිසෙන් තාන්තාවන් දෙදෙනෙකු බේරා ගෙන ඇති අතර පිරිසේ සිටි වයස අවුරුදු හයක් පමණ වන කුඩා දැරියක දියේ තිබු කොටයක එල්ලි අඹන් ගගේ පහලට ගසා ගෙන ගොස් තිබේ. ප්රදේශවාසීන් සදහන් කරන ආකාරයට අඹන් ගගේ සිට කිලෝ මීටර් එක හමාරක් පමණ දුරකට ඇය ගසා ගෙන ගොස් ඇති අතර පසුව ගග අසල සිටි එම්.ආර්.එම් ෆායිස් නැමැත්තාගේ ඉඩමේ ගේට්ටුව අසලට පැමිණ සිටිය දි දැරිය බේරා ගෙන ඇති බව පොලිසිය කියයි.
දිය නෑමට පැමිණි පිරිස් කතරගම ප්රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් මඩවල ප්ර දේශයේ ඥාති පිරිසක් හමුවීමට පැමිණ ඇති බවත් පොලිසිය කියයි.
ජල පහරට හසුව ළි කොටයක ආධාරයෙන් දිවි ගලවාගත් තැනැත්තිය වන්නේ නෙත්මි නිසංසලා (06) නැමැති දැරියකි.
දිය නාමින් සිටිය දි දිවි බෙරාගත් කතරගම ප්රදේශයේ සිට පැමිණි සෙසු කාන්තාවන් වන්නේ රුචිනි නදිකා දිල්රුක්ෂි (25) සහ සිනෙත් දිනිජය (අවුරුදු පහ හමාරයි), අඹන් ගගට බැසීමෙන් ජල පහරට හසුව අතරුදන් වී ඇත්තේ කතරගම ප්රෙද්ශයේ සිට පැමිණි සචිනි නිසංසලා (22) නැමැති අවිවාහක කාන්තාවක් බව ද පොලිිසිය කියයි.
මහවෙල පොලිස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක පාලිත ජයරත්න මහාතගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක දිවාකර භණ්ඩාර,සැරයන්වරුන් වන 45932 දිසානායක, කොස්තාපල්වරුන් වන 74856, මාලක 84580 දසනායක යන මහත්වරු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරික්ෂණ සිදුකරති.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු මහවෙල පොලිසිය කියා සිටියේ දඹුල්ල පොලිස් ජිවිතාක්ෂක ඒකකයේ නිලධාරින් යොදවා අතුරුදන් තැනැත්තිය සොයා අඹන් ගගේ මෙහෙයුම් සිදුකරන බවයි.


ඉන්දික අරුණ කුමාර

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...