නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය ඉහළ නැංවීමට ශ්රි ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
මහ බැංකුව ප්රකාශ කළේ මහ බැංකුවේ නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය පදනම් ඒකක 100 බැගින් ඉහළ නංවා ඇති බවය.
ඒ අනුව නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.5 දක්වාද නිත්ය ණය පහසුකම් අනුපාතිකය සියයට 7.5 දක්වා ද ඉහළ යනු ඇති.
මහ බැංකු මුදල් මණ්ඩලය ඊයේ රැස්වු අවස්ථාවේ දේශීය ආර්ථික ක්රියාකාරකම්වල පවතින අඛණ්ඩ බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වෙයි.
පොලි අනුපාත බලාත්මක කිරිමට අදාළ උපදෙස් ඉදිරියේ දි නිකුත් කිරිමට නියමිතය.
මේ අතර ණය කාඩ්පත් මත අයකළ පොලිය ද සියයට 20 දක්වා ඉහළ දමා තිබේ.
එසේම පවතින තත්ත්වය හමුවේ ඉන්ධන මිල සහ විදුලි ගාස්තු ඉහළ දමන ලෙසද මහ බැංකුව විසින් රජයට නිර්දේශ කර ඇත.
No comments:
Post a Comment