මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කර දෙන ලෙස මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් වෙත ඉල්ලීමක් කර තිබේ.
උන් වහන්සේ මෙම ඉල්ලීම කළේ, තෝරයාය ශ්‍රී නන්දාරාම විහාරාධිපති දෙකේ ශ්‍රී සිරිනිවාස ආනන්ද හිමියන්ට "ධර්මකීර්ති " ගෞරව නාමය සහිතව සකෝරළ මහ දිසාවේ උප ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීමේ උත්සවයේදී ය.
"මේ මාර්ගවල වාහන යද්දී වාහනයක් ඉස්සර කරගන්නවත් බැරි තරමට මේ මාර්ග ඉතාමත් පටු යි. අපි නුවර ඉඳන් කොළඹට යන්න ගියා ම පැය හතරක් යනවා. සමහර විට ඊටත් වැඩි යි. ඉතින් අපේ මධ්‍යම පළාතේ මැති ඇමතිවරු නිදි ද දන් නැහැ කියල මම කලිනුත් කිව්වා. මහාමාර්ග අමාත්‍යවරයා හැටියට ඔබතුමාට මම මතක් කරන්නේ කොළඹ අගනුවර වගේ ම නුවර දෙවැනි නගරය හැටියට
කෝ අපිට යන්න මාර්ගයක්. එක පිටිපස්සේ එක තියාගෙන යන මාර්ගයක් තම යි අපිට තියෙන්නෙ. එකකටවත් ඉස්සර කරන්න බැහැ. පාර පුංචි නිසා. මට ත් අවුරුදු අසූ එකක් වෙනවා දැන්. ඒක නිසා ඔබතුමාවත් අපිව අපවත්වීමට ඉස්සෙල්ලා හදලා දෙන්න. මට නුවරට හැදෙන හයිවේ එකේ යන්න පුළුවන් වෙයි ද දන්නෑ. මහනුවර සිට කොළඹට අධිවේගී මාර්ගය හදල දෙන්න. මට නැති වුණාට කමක් නැහැ. මේ ජනතාවට අධිවේගී මාර්ගය හදලා දෙන්න මොන ක්‍රමයකින් හරි. දැන් හදලා තියෙන ටික එහෙටත් නෑ මෙහෙට ත් නෑ. ඒක නිසා මේ මධ්‍යම අධිවේගී මාර්ගය හදලා දෙන්න කියලා කියනවා. අපි හැම දා ම මේ කාරණය මතක් කරනවා. මේ කාරණය මතක් කරමින් ඔබ සැම දෙනාට ජය හා සතුට ප්‍රාර්ථනා කරනවා."
No comments:
Post a Comment