Tuesday, 1 March 2022


මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනා සහ ජනාධිපතිවරයා වෙනුවට අංගොඩ මානසික රෝහලේ රෝගීන් පිරිසක් අදාළ තනතුරුවල ඉන්දුවා නම් රට මිට වඩා ඉදිරියට යනු ඇතැයි පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පැවසුවා ය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, මෙරට පාර්ලිමේන්තුව මේ වන විට ක්‍රියා කරන්නේ "පිස්සු මධ්‍යස්ථානයක්” ලෙස බව ය.

"අංගොඩ මානසික රෝහලේ ලෙණ්ඩු ටිකක් අරගෙන ඒ 225 පාර්ලිමේන්තුවේ පුටුවල ඉන්දුවා නම් ජනාධිපති හා එකතුව මං හිතනවා මේ රට මීට වඩා ඉදිරියට යන්න පුළුවන් වෙනවා කියලා. අද පාර්ලිමේන්තුවේ ඉන්න පිරිසට පිස්සු නැත්නම් මොකද්ද වෙලා තියෙන්නේ කියන එක හිතන්නවත් බෑ... මිනිසුන්ට ජීවත්වෙන්න බැරි වෙලාවේ පාර්ලිමේන්තුවේ ඉන්න ටික කියනවා අපි තමා හොඳට ම කළේ කියලා

මේ රටේ පාර්ලිමේන්තුව කියන්නේ විගඩමක්, නාට්‍යයක්, පිස්සු මධ්‍යස්ථානයක්. අඩු ම වශයෙන් ජනාධිපතිතුමාට හැකියාවක් තියෙන්න ඕනෑ ලංකාවේ ඇත්ත කතා කරන්න. ඇත්ත කතා කරන්න කොන්දක් තියෙන්න ඕනෑ. ප්‍රධාන වශයෙන් මොළයක් තියෙන්න ඕනෑ. "

ඇය ප්‍රකාශ කළේ, පුහු මානයක් සහිත පිරිසක් මේ වන විට කුසගින්නේ සිටින ජනතාව "සෝබන කතා කියමින්" සිටින බව ය.

අඩු ම වශයෙන් ජනාධිපතිවරයා හෝ ජනතාවට බොරු ප්‍රකාශ නොකර සිටිය යුතු බව අවධාරණය කරමින් ඇය වැඩිදුරට ත් සඳහන් කළේ මෙවැනි අදහසකි.

"මේ රටේ ඉන්නේ මෝඩ තකතීරු මිනිස්සු කියලා හිතන්න එපා. මේ රටේ මොළේ තියෙන මිනිස්සුත් ඉන්නවා. වෙලාව ආවා ම කට්ටිය යවන්න පුළුවන්."


කාංචනා විජයබණ්ඩාර


No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...