Sunday, 13 March 2022


ලෝකය පුරා පරිගණක, ජංගම දුරකථන, විදුලි මෝටර් රථ සඳහා බැටරි නිෂ්පාදනය සඳහා අත්යවශ්ය අමුද්රව්යක් ලෙස සැලකෙන ලිතියම් නිධියක් එවරස්ට් කඳු ප්රදේශයෙන් සොයා ගැනීමට චීන විද්යාඥයයින් පිරිසක් සමත් වී ඇත. මෙම ලිතියම් නිධියේ සමස්ථ වටිනාකම තවමත් ඇස්තමේන්තු කර නොමැත.

මෙම නව සොයාගැනීම විසින් චීනයේ ලිතියම් අවශ්යතාවය සම්පුර්ණ කරනු ඇතැයි අපේක්ෂා කරනු ලබයි. මෙම නිධිය තුළ මිලියනයකට අධික ලෝපස් ප්රමාණයක් ඇති බව අදාළ පරීක්ෂක කණ්ඩායම සඳහන් කරනු ලබයි. ලිතියම් ගවේෂණය ඉතාමත් අසීරැ කර්තව්යයක් ලෙස සැලකෙනුයේ ඒවා පොළොව මට්ටමෙන් ඉතා පහල තලයක හෝ ලංවීමට ඉතාමත් අපහසු තැන්වල පිහිටා තිබීමත් අදාළ කැනීම් විසින් දැඩි පරිසර හානියක් සිදුකිරීම නිසාවෙන් පරිසරවේදීන්ගේ දැඩි විවේචනයට ලක්වීමත් නිසාවෙනි. පසුගිය වසරේදී ලෝකයේ ලිතියම් ඉල්ලුම 400%කින් ඉහළ ගොස් ඇති අතර 2040 වන විට මෙම ඉල්ලුම 4000%කින් ඉහළ යාමට ඉඩ ඇති බව ලෝක බලශක්ති ඒජන්සිය (The International Energy Agency) තම නවතම වාර්තාවක් මගින්ද පෙන්වා දේ.
ලෝකයේ ලිතියම් අමුද්රව්ය යොදාගෙන බැටරි නිෂ්පාදනය කරන ප්රධානතම රාජ්යය වනුයේද චීනය වේ. චීනයේ මීට පෙර ලිතියම් නිධි කීපයක් හමු වූවත් ඒවා රටේ කාර්මික භාණ්ඩ නිෂ්පාදනය සඳහා ප්රමාණවත් නොවීය. එම නිසා චීනයට අවශ්ය ලිතියම් හිඟය පියවා ගනු ලැබුවේ ඕස්ට්රේලියාවෙන් හා දකුණු ඇමරිකාවේ රටවල් වලිනි.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...