Sunday, 13 March 2022


අති සුඛෝපභෝගී මෝටර් රථ විශාල ප්රමාණයක් ප්රවාහනය කරමින් තිබූ භාණ්ඩ ප්රවාහන නෞකාවක් මුහුදුබත් වී තිබේ. පෘතුගාලය ආසන්නයේ පිහිටි අසොරෙස් දූපත් සමූහය ආසන්නයේ එම නෞකාව මීට සති දෙකකට පමණ පෙර ගිනි ගැනීමකට ලක්විය.

ෆෙලිසිටි ඒස් නම් එම නෞකාවේ පෝර්ශේ සහ බෙන්ට්ලි සුඛෝපභෝගී මෝටර් රථ 4,000ක් පමණ තිබූ බව සඳහන් වෙයි. එම නෞකාව ජර්මනියේ එම්ඩන් වරායේ සිට අමෙරිකා එක්සත් ජනපදය දක්වා ගමන් කරමින් තිබියදී අනතුරට පත්විය. එහි සිටි කාර්ය මණ්ඩලය බේරාගැනීමට සහන කණ්ඩායම් සමත් වී තිබුණි. මේ වනවිට නෞකාව අත්ලාන්තික් සාගරයේ මීටර් 3500ක් පමණ පතුළේ රැඳී ඇත.
වොක්ස්වැගන් සමාගම වාර්තා කළේ තම මෝටර් රථ සඳහා ඩොලර් මිලියන 155ක රක්ෂණ ආවරණයක් ඇති බවය. බෙන්ට්ලි සමාගමේ මෝටර් රථ 189ක් සහ පෝර්ශේ මෝටර් රථ 1,100ක් එහි තිබූ බව වාර්තා විය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...