Wednesday, 9 March 2022


උපන්දින සාදයකට සහභාගි වී එකම පවුලේ පිරිසක් ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්ල කොළඹ මාර්ගයේ කොරළවැල්ල ප්රදේශයේදී විදුලි කණුවක ගැටීමෙන් මව මියගොස් දරු තිදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි එගොඩඋයන පොලීසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ මොරටුව සමන්පුර ප්රදේශයේ පදිංචිව සිටි සසානි ශාලිකා කෝට්ටගේ 41 තිදරු මවයි. අනතුර සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත .
මිතුරකුගෙන් ඉල්ලාගත් සුඛෝපභෝගී මෝටර් රථයෙන් කළුතර ප්රදේශයේ පැවති උපන්දින සාදයකට සහභාගි වූ ඔවුන් යළි මොරටුව නිවස කරා පැමිණෙමින් සිටියදී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මීටර් 17 කට අධික දුරක් පදිකවේදිකාව දිගේ ඉදිරියට ධාවනය වී විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි .
සිදුවූ අනතුරෙන් මෝටර් රථයේ පිටුපස ගමන්ගත් වයස අවුරුදු 8 ,13 හා16 වයස් සීමාවල පසුවන මියගිය කාන්තාවගේ දියණියන් තිදෙනා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ සහ පානදුර මූලික රෝහලේ
ප්රතිකාර ලබන බව විමර්ශන සිදුකරන පොලිස් නිලධාරියකු පැවැසීය .
අනතුර හේතුවෙන් අත්අඩංගුවට ගත් මියගිය කාන්තාවගේ සැමියා ද තුවාල ලබා ඇති අතර ඔහුගේ නල්ලට මැහුම් 8 පාදයකට මැහුම් 4 යොදා ඇතැයි පොලිසිය කියයි .
සාදයට සහභාගි වීමට පෙර දින අලුයම තුනට සේවයට ගිය ඔහු කිසිදු විවේකයක් නොලබා සාදයට සහභාගි වී තිබූ බව පොලීසිය සිදුකළ පොලිසිය සිදු කළ දීර්ඝ විමර්ශනවලදී අනාවරණ වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය .
මියගිය කාන්තාවගේ මෘත ශරීරය පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඊයේ දින පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් පැවැත්වීමට නියමිතව තිබිණි .
එගොඩඋයන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩි එන් ආර් සොයිසා පොලිස් කොස්තාපල් 61808 අරුණසිරි මහත්තුරු පරීක්ෂණ පවත්වයි

 
බිමල් ශ්යාමන් ජයසිංහ සහ රේඛා තරංගනී ෆොන්සේකා

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...