ජලවිදුලි උත්පාදනය සඳහා ප්රධාන වශයෙන් ජලය සපයන කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල ධාරිතාව සිඝ්රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරු පවසති.
මාවුස්සාකැලේ ජලාශයේ උපරිම ජල මට්ටම අඩි 135 වන අතර අද (09) අලුයම වන විට එය අඩි 55 කින් පහත බැස ඇත.
කාසල්රි ජලාශයේ ජලාශ වේල්ලේ උස අඩි 155 වන අතර එහි ජල මට්ටම අද අලුයම වනවිට පහත බැස තිබුණේ අඩි 40 කිනි.
ජල මට්ටම පහත බැසීමත් සමඟ මවුස්සාකැලේ ජලාශය ඉදිකිරිමේදි ජලාශයට යට වු පැරණි මස්කෙළිය නගරයේ පන්සල,කෝවිල සහ මුස්ලිම් පල්ලියේ නටබුන් මතුව තිබේ.
කාසල්රි ජලාශය ඉදිකිරිමේදී ජලයෙන් යටවූ හින්දු කෝවිළේ නටබුන් මතුව ඇත.මේ නිසා ජලාශයේ පිහිටි දූපත් වලට පාගමනින් යෑමේ අවස්ථාව ලැබී ඇත.
ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සිදු කරනු ලබන්නේ මෙම ජලාශ දෙකෙන් ලබා ගන්නා ජලයෙනි.
අසේල කුරුළුවංශ
No comments:
Post a Comment