Saturday, 19 March 2022




යුක්රේනයේ මරියුපෝල් නගර මධ්යයේ සටන් දැඩිවී තිබේ.

විදෙස් මාධ්ය වාර්තා කළේ, මරියුපෝල් නගරයේ අද දකින තත්ත්වය යුද්ධයක ඇති බිහිසුණු බව නැවත වරක් පැහැදිලි කරන බවය.
රුසියා - යුක්රේන යුද ගැටුම් ආරම්භ වී අදට දින 24කි.
එක්සත් ජනපද බුද්ධි වාර්තා අනාවරණය කරන්නේ ඉදිරි සති කිහිපය තුළ රුසියාවේ අඛණ්ඩ ප්රහාර හමුවේ දකුණු වරාය නගරයක් වන මරියුපොල් බිඳවැටීමට ඉඩ ඇති බවය.
උපායමාර්ගිකව වැදගත් යුක්රේනයේ දකුණුදිග මයිකොලිව් නගරයේ හමුදා බැරැක්කයකට රුසියානු හමුදා එල්ල කළ මිසයිල ප්රහාරයකින් යුක්රේන සොල්දාදුවන් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් වෙත ද අඛණ්ඩව ෂෙල් වෙඩි ප්රහාර එල්ලවෙමින් පවතී.
නවතම වාර්තා අනුව රුසියානු හමුදා යුක්රේනයේ බටහිර ප්රදේශ වෙත ප්රහාර එල්ල කිරීමට භාවිත කර ඇත්තේ, මිසයිල ආරක්ෂණ පද්ධති මගහැර සහ ශබ්දයේ වේගය අභිබවා යාහැකි “හයිපර්සොනික්” කාණ්ඩයේ මිසයිල බවද අනාවරණය වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
රුසියානු ප්රහාරක යානා යුක්රේන ගුවන් යානා නාශක පද්ධති ඇතුළු හමුදා ඉලක්ක වෙත ප්රහාර එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝ පටද රුසියාව මාධ්ය ඔස්සේ නිකුත් කර තිබේ.
මේ අතර යුද්ධය නතර නොකළහොත් යුද්ධයෙන් රුසියාවට වන හානියෙන් මිදීමට පරම්පරා කිහිපයක් ගතවනු ඇති බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි.
වත්මන් සහ හිටපු යුරෝපීය දේශපාලනඥයන් කිහිප දෙනෙකු යුක්රේන ජනාධිපතිවරයා සහ එරට ජනතාව 2022 නොබෙල් සාම ත්යාගය වෙනුවෙන් නම්කරන ලෙස නෝර්වීජියානු නොබෙල් කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති බවද විදෙස් මාධ්ය වාර්තා කර ඇත.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...