Saturday, 19 March 2022


විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්රේෂණ සහ අපනයනකරුවන් සඳහා යෝජිත අතිරේක දිරිදීමනා යෝජනා ක්රමය අවලංගු කර තිබේ.

ශ්රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ විනිමය අනුපාතිකයෙහි නම්යශීලීභාවයට ඉඩ හැරීමට ගත් තීරණයේ ප්රතිඵලයක් ලෙස මේ වනවිට විනිමය අනුපාතිකය, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්රේෂණ සහ අපනයන ඉපැයීම් ශ්රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම් දිරි ගැන්වීම සඳහා ලබාදුන් දිරිදීමනා මට්ටම ඉක්මවා ගොස් ඇති බවය.
ඒ අනුව, පවතින විනිමය අනුපාතිකය මගින් විදේශගත ශ්රමිකයින්ගේ විදේශ විනිමය ප්රේෂණ සඳහා ඉහළ ප්රතිලාභයක් මෙන්ම, අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා ඉහළ රුපියල් අගයක් ලැබෙනු ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.
මෙම මෑතකාලීන ප්රවණතා සැලකිල්ලට ගනිමින්, විදේශගත ශ්රමිකයින්ගේ ප්රේෂණ සහ අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා යෝජිත අතිරේක දිරිදීමනා යෝජනා ක්රමය ක්රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇති බව මහ බැංකුව වැඩිදුරටත් පැවසීය.
නවතම නිල දත්තවලට අනුව, 2022 වසරේ මාර්තු මාසයේදී, විනිමය අනුපාතිකයේ කැපී පෙනෙන ඉහළයෑම හේතුවෙන්, විදේශගත ශ්රමිකයන් සහ අපනයනකරුවන් විසින් විධිමත් මාර්ග හරහා විදේශ විනිමය ඉපැයීම් ශ්රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමෙහි සැලකිය යුතු වර්ධනයක් දැනටමත් පෙන්නුම් කරන බවද මහ බැංකුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...