Friday, 4 March 2022


තම රටට අඛණ්ඩ ප්රහාර එල්ල කරන රටක් සමඟ සාම මාවතකට එළැඹීම අසීරු බව යුක්රේන ජනාධිපති CNN මාධ්යයට විශේෂ ප්රකාශයක් දෙමින් ප්රකාශ කළේය.

ඒ කියුව් හි ආරක්ෂිත බංකරයක සිටය.
මේ අතර යම් හෙයකින් තෙවැනි ලෝක සංග්රාමයක් ආරම්භ වුවහොත් න්යාෂ්ටික අවි භාවිත කිරීමක් සිදුවනු ඇති බව රුසියානු විදෙස් අමාත්ය සර්ගෙයි ලැව්රෝව් රොයිටර්ස් පුවත් සේවයට පවසා තිබේ.
මේ අතර මෙක්සිකෝවේ මොන්ටරෝ විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටය යටතේ යුක්රේනයේ එලීනා ස්විටොලිනා සහ රුසියාවේ ඇනස්ටේසියා පොටපෝවා අතර පැවති තරගය ජයගැනීමට යුක්රේන ක්රීඩිකාව සමත්වුණි.
මෙය තම රට වෙනුවෙන් ලැබූ ජයක් ලෙස පෙන්වාදුන් යුක්රේන ක්රීඩිකා එලීනා ස්විටොලිනා පවසා තිබුණේ ජයග්රාහී ත්යාග මුදල තම රටේ හමුදා වෙනුවෙන් පරිත්යාග කරන බවය.
ඊයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ යුරෝපා සංගම් පාර්ලිමේන්තුව ඇමතූ යුක්රේන ජනාධිපතිවරයා ඉතා සංවේදීව ඉල්ලා සිටියේ තමා තනි නොකරන ලෙසය.
ඇතැම් විදෙස් මාධ්ය පවසන්නේ, අර්බුදය සම්බන්ධයෙන් රුසියාව සහ යුක්රේනය අතර දෙවැනි වටයේ සාකච්ඡා අද පැවැත්වෙනු ඇති බවය.
නිදහස වෙනුවෙන් තම රට හා රටවැසියන් දැවැන්ත පරිත්යාගයක් කරමින් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසූ අතර භාෂා පරිවර්ථකයා කතාව අතරතුර සංවේදී වුණි.
යුක්රේන ජනාධිපති
- අපි සටන් කරන්නේ අපේ රට වෙනුවෙන්, නිදහස වෙනුවෙන්, අපේ නගර සියල්ල දැන් ඇහිරිලා. අප සමඟ යුරෝපය ශක්තිමත් වේවි. ඒත් ඔබ නැතිවුණොත් අප තනිවෙනවා. ඔබ අප සමඟ බව ඔප්පු කරන්න. ඔබ යුරෝපීයන් බව ඔප්පු කරන්න. එවිට ජීවිතයට පුළුවන් මරණය පරාජය කරන්න. ආලෝකයට පුළුවන් අඳුර පරාජය කරන්න.
මේ අතර අමෙරිකානු කොංග්රසය අමතා සිය පළමු මූලාසන කතාව (UNION SPEECH) කළ ජනාධිපති ජෝ බයිඩ්න්, පැවසුවේ, යුක්රේනයට අමෙරිකානු සෙබළු අනියුක්ත නොකරන බවය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේ, සියලු රුසියානු ගුවන් යානාවලට අමෙරිකානු ගුවන් කලාපය තහනම් කරන බවය.
අමෙරිකාව ඇතුළු බටහිර බලවතුන් සිය මිත්ර රටවලට අවංකව සහාය නොදෙන බවට යුක්රේනයේ වත්මන් තත්ත්වය තවත් උදාහරණයක් බව ඉරාන අධ්යාත්මික නායක අයතුල්ලා අල් කමෙයිනි පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, අමෙරිකාව, ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපතිවරයා අත්හල ආකාරයටම යුක්රේන නායකයා අත්හැර ඇති බවය.

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...