Wednesday, 16 March 2022


කුද්දටි ඇවිත් කියා සාමාන්ය ව්යවහාරයේ දී අප පවසන්නේ සිරුරේ වසා පද්ධතියේ ඇති වසා ගැටිති (Lymph node) ඉදිමුවට ලක්වූ විටදී ය.

මෙලෙස වසා ගැටි ඉදිමුමට ලක්වීම සම්බන්ධව යම් පුද්ගලයකු ගෙන් විමසා බැලූවහොත් බොහෝ දෙනාට ඇති අත්දැකීම් වන්නේ දෙපාවල තුවාලයක් ඇතිවීම නිසා ඉකිලිය පරදේශයේ ඇති වසා ගැටති ඉදිමුමට ලක්වීමය. එවිට එවැනි අවස්ථාවකට මුහුණ දුන් අය පවසන්නේ ඉකිලියේ කුද්දටි ඇවිත් ලෙස ය. මෙලෙස වසා ගැටිති ඉදිමුමට ලක්වන්න් ඇයි දැයි කියා අප කොයි කවුරුත් සාමාන්ය අවබෝධයක් ලබා තිබීම වැදගත් ය. අපගේ ජීවිතයේ නිරෝගී සෞඛ්ය රැක ගැනීමට ද පරයෝජනවත් වේ.
වසා පද්ධතියේ කරියාකාරීත්වය
මුළු සිරුර පුරා රුධිරය ගමන් කරන්නේ රුධිර නාළ පද්ධතියෙනි. එහි ඇති ධමනි මගින් හෘදය වස්තුවෙන් පිට කරන රුධිරයේ ඇති තරල කොටස් සිරුර පුරා රැුගෙන යයි. ශිරා මගින් රුධිරය නැවත හෘද වස්තුව වෙත රැගෙන යයි. මෙලෙස හෘදය වස්තුව මගින් පිටකරන රුධිරය සියයට සියයක් යළි ශිරා ඔස්සේ හෘදය වෙත පැමිණෙන්නේ නැත. පැමිණෙන්නේ 90%ක් පමණ පරමාණයකි. සියයට 10ක් පමණ ඉතිරි වේ. මෙම ඉතිරි වූ සියයට 10ක රුධිර තරලය යළි හෘදය වස්තුව වෙත රැගෙන ඒම සිදු කරන්නේ වසා නාළ පද්ධතිය මගිනි.
වසා නාළ පද්ධතියන් මුළු සිරුර පුරා පැතිර ඇත.
රුධිර නාළවලට වඩා කුඩා මෙම නාළ පද්ධතියෙහි තැනින් තැන වසා ගැටිති පිහිටා ඇත. ඒවා ඉකිලිය, පපුව, බෙල්ල, ආදී ලෙසින් සිරුර පුරා පිහිටා තිබේ.වසා ගැටිති නොමැතිව පවතින්නේ දෙපාවල යටිපතුල් සහ දෑත්හි අල්ල මතය.
රුධිර තරලය හෘදය වෙත රැගෙන යෑමට අමතරව වසා නාළ පද්ධතිය මගින් සිදු කරන තවත් විශේෂ කටයුත්තක් වන්නේ සිරුරට ඇතුළුවන ආගන්තුක ද්රව්ය හා විෂබීජ වසා පද්ධතිය තුළට රැුගෙන වසා ගැටිති වෙත ගෙන ගොස් විනාශ කිරීම යි.
එනිසා සිරුරේ කිසියම් තැනක තුවාලවීමක් සිදුවී ඊට විෂබීජ ආසාදනය වූ විටදී වසා පද්ධතිය මගින් එම විෂබීජ රැුගෙන වසා ගැටිති වෙත ගෙන ගොස් විනාශ කිරීමට කටයුතු කරයි. මෙම කරියාවලියේ දී වසා ගැටිති ඉදිමුමට ලක්වේ. කුද්දටි ඇතිවූවා යැයි අප සාමන්ය ව්යවහාරයේ දී පවසන්නේ මෙවන් අවස්ථාවකදී ය.
තුවාලයක් නිසා ඇතිවන විෂබීජය සඳහා පමණක් නොව, පිළිකා ෙසෙල හමුවේ ද වසා පද්ධතිය කරියා කරයි. එහිදී පිළිකා ෙසෙල වසා පද්ධතිය හරහා ළඟ ම ඇති වසා ගැටිති වෙත පැතිර යෑමේ හැකියාවක් ඇත. එහි දී වසා ගැටිති ඉදිමුවට ලක්වන අතර වසා පද්ධතිය හරහා ශරීරයේ වෙනත් ස්ථාන කරා පිළිකා ෙසෙල පැතිරයා හැකිය. මෙහිදී බොහෝවිට විෂබීජ ආසාදනයක දී වසා ගැටිති ඉදිමුනවිට වේදනාවක් දැනේ. පිළිකා ෙසෙල පැතිරීම නිසා වසා ගැටිති ඉදිමුන විට වේදනාව දැනෙන්නේ අඩුවෙනි. රුධිරගත පිළිකාවලදීත් වසාගැටිති ඉදිමුමක් ලෙස පෙන්නුම් කළ හැකිය.
ඇතැම් අවස්ථාවල දී වසා ගැටිතිවලට එම පිළිකා ෙසෙල විනාශ කිරීමට නොහැකි වේ. එවැනි අවස්ථාවක දී එම පිළිකා ෙසෙල වසා ගැටිති තුළ පැතිරෙයි. එසේ පැතිරුණු පිළිකා ෙසෙල වසා පද්ධතිය ඔස්සේ සිරුර පුරා පැතිර යා හැකිය.
වසා ගැටිති ඉදිමුමකට ලක්වූ විට
වසා ගැටිති ඉදිමුමකට ලක්වන්නේ සිරුරට ඇතුළු වූ කිසියම් ආගන්තුක විෂබීජයක් විනාශ කිරීමට යෑමේදී ය. එනිසා වසා ගැටිති ඉදිමුමට ලක්වී ඇතිවිට ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. නිසි වෛද්ය පරීක්ෂාවකින් පසු වසා ගැටිති ඉදිමුමට ලක්වීමට ඇති හේතුව හඳුනාගෙන පරතිකාර ලබාදීම සිදු කරයි.
වසා ගැටිති ඉදිමුමට ලක්වීමත් සමග උණ ඇතිවීමක් පවතී නම් වහාම ඒ සම්බන්ධ අවධානය යොමු කළ යුතුය. තුවාලයක් නිසා විෂබීජ ඇතුළුවීමක් මත වසා
ගැටිති ඉදිමුමට ලක්ව ඇත්නම් එය පරතිජීවක ඖෂධ ලබාදීම මගින් සුවපත් කළ හැකි ය. නමුත් පිළිකාවක් නිසා වසා ගැටිති ඉදිමුවට ලක්ව ඇත්නම් එහි දී වසා ගැටිති සැත්කමක් මගින් ඉවත් කිරීමට සිදුවේ.
අපට බහුලව දක්නට ලැබෙන්නේ විෂ බීජ ඇතුළුවීම නිසා ඉදිමුමට ලක්වන වසා ගැටිතිය එසේ නිතර ඉදිමුමට ලක්විය හැකි වනුයේ ඉකිලිය හා බෙල්ල ආශරිතව සිදුවන වසා ගැටිති ය.
දෙපාවල තුවාල ඇතිවී විෂබීජ ආසාදනය නිසා ඉකිලි පරදේශයේ ඇති වසා ගැටිති ඉදිමුමකට ලක්වේ. මුඛයේ දන්ත කුහරවල විෂබීජ ආසාදනය නිසා හෝ හිස්හොරි නිසා හිසේ ඇති වූ තුවාලවලට විෂබීජ ආසාදනය නිසා බෙල්ලේ වසා ගැටිති ඉදිමුම ද සිදුවේ.
පියයුරු පිළිකාවක දී පපුවේ සහ ඉකිලි පරදේශයේ ඇති වසා ගැටිති ඉදිමුමට ලක්වේ.
ඒනිසා කාලයක් තිස්සේ වසා ගැටිති ඉදිමුමට ලක්ව ඇත්නම් ඒ ගැන නිසි වෛද්ය පරීක්ෂාවකට ලක්වී ඒ සඳහා බලපා ඇති හේතුව නිවැරදිව හඳුනාගැනීම වැදගත්ය.

විශේෂඥ වෛද්ය සනත් සේනානායක

No comments:

Post a Comment

Removal of legal barriers for women in employment

Cabinet approval has been given to amend the Shop and Office Workers (Regulation of Service and Wages) Act No. 19 of 1954 to enable women in...